Monday, June 27, 2016

ගැලැක්සි Note 7 ඔබේ අැස් සදහාම පමණයි..

Iris-Scanner-752x490
අැපල් i phone ඒකත් ඒක්ක තරග කරන්න Samsung ලා Market ඒකට දාපු Phone ඒක තමයි Galaxy Note Series ඒක. දැනට තියෙන Latest ම Note Version ඒක Note 5. ඒ්ත් සැම්සුන්ග් ලා කියන විදියට ඒයාලා Release කරන ඊළග Note ඒක ඒයාලා නම් කරන්න යන්නේ Galaxy Note 7 කියලා.. ඉතින් Note 6 Release වෙනකම් බලන් හිටපු අයට කියන්න තියෙන්නේ ම්ම්… දුක්වෙන්න ඒපා.. ඔයාලගේ Favorite ම phone ඒකේ version ඒකක් ඉස්සරහින් release කරන්නයි යන්නේ..
Galaxy-Note-7-logo
අැත්තටම මේ විදියට Version Name ඒක වෙනස් කරන්න හේතු කීපයක් තියනවා.. ඒකක් තමයි ඒයාලගේ Marketing Strategy ඒක. iPhone 7 ඒකත් ඒක්ක තරග කරන්න ඒයාලට අලුත් Phone ඒකක් release කරන්න වෙනවා.. අනිත් කාරනාව තමයි ඒයාලගේ අලුත් Note 7 Phone ඒකේ අලුතින් add වෙලා තියෙන Features. ඒ් Features නිසා මේ Phone ඒක Next level technology ඒකක් තියෙන Phone ඒකක් හැටියට හදුන්වන්න පුලුවන්.
මේ කියන්න හදන්නෙත් ඒ විදියට Add වෙලා තියෙන අධි තාක්ෂනික මෙවලමක්  ගැන.

Saturday, June 25, 2016

නව Galaxy S7 Olympic Edition ඒක


     මේ අවුරුද්දේ අපිට දකින්න ලැබෙන විශේෂම උත්සවය තමයි Olympic උත්සවය. Galaxy S7 Edge කියන්නේ Samsung ලගේ 2016 රිලීස් වුනු හොදම ෆෝන් ඒක. Samsung ඒයාලගේ S7 Edghe Phone ඒකේ Batman Edition ඒකත් release කලා. ඉතිං S7 Edge ඒකට Olympic Edition ඒකක් හදන ඒක පුදුම වෙන්න දෙයක් නෑ.
more..>>

Friday, June 24, 2016

ලොව මුුල්ම වානිජ අභ්‍යවකාශ ගමන 2017 දී



ලොවම උද්යෝගීමත් කරමින් SpaceX ව්‍යාපෘතිය සාර්ථකව සිය මුල්ම අත්හදා බැලීම සිදුකලා. ගොඩබිම මත සහ මුහුදෙහි ඔවුන්ගේ අභ්‍යවකාශ යානය ගොඩබැස්සවීමට ඔවුන් සමත් වුනා.  Dragon අභ්‍යවකාශ යානයත් , Falcon 9, සහ ගොඩබිම මෙහෙයුම් සංවර්ධන වැඩපිලිවෙලත් දිනෙන් දින ඔවුන්ගේ ප්රගතිය ඉදිරියට ගෙන යමින් ඉන්නවා. මේ සමගම ඔවුන් ගේ ඉදිරි පියවර ගැන අනාවැකි පල කිරීමටත් ඔවුන් පටන් ගෙන තිබෙනවා. 
2017 වසරේ දෙවෙනි කාර්තුව වන විට සිය ව්‍යාපෘතියේ දෙවෙන අදියර

Thursday, June 16, 2016

සෑම කෙනෙක්ම කම්පියුටර් ප්රෝග්රැමින්ග් ඉගෙන ගත යුත්තේ අැයි.....!!!

            සොෆ්ට්වෙයා , අැප්ස් , Smart Phone , Network , මේ වචන අද කාලෙ ජීවත් වෙන අපිට නම් , බොහොම හුරු පුරුදු වචන.. මේ හැම  දෙයක්ම දවසේ හැම මොහොතකම අපේ ජීවිතයට බලපාන දේවල් බවට පත්වෙලා..  මීට අවුරුදු 10 කට 15 කට විතර කලින් නම් මේ වචන ගැන උනන්දුවක් තිබුනෙ බොහොම සුලු පිරිසකට විතරයි. හැබැයි මේ ක්ෂේත්ර මොන තරම් ඉක්මනින් දියුනු වෙනවද කියනවනම් , අද වෙනකොට මේ දේවල් භාවිතා කරන්න නොදන්න කුඩා දරුවෙක් හෝ වැඩිහිටියෙක්  හොයා ගන්න ඒක ලේසි වැඩක් නොවන තැනට අැවිල්ලා..

            ඒ අතින් නම් ලංකාව ලබලා තියෙන දියුුනුව ගැන ගොඩක් සතුටු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම Smart Phone සහ Computer කියන උපාංග දෙක බහුලවම භාවිතා කරනවා දකින්න පුලුවන්.. ඒ වගේම මේ 
ක්ෂේත්ර දෙකේ තියෙන විශේෂත්වය තමයි , අද ලෝකයේ වැඩිපුරම මුදල් උපයන අංශ දෙක වෙලා තියෙන්නේ මේ ක්ෂේත්ර දෙක. Computer සහ Mobile phone කියන Field දෙකේම ප්රධාන කොටස් දෙකක් තියෙනවා.

                1.    Hardware - Physical Equipment
                2.    Software / Apps.

            මේ අතරින් Hardware Field ඒක අද වන විට ඉතාම තරගකාරී විදිහට දියුනුවක් ලබලා තියෙනවා. විශේෂයෙන්ම Apple , Samsung , HTC , Microsoft , IBM , Lenovo අාදී වශයෙන් ක්ෂේත්රයේ දැවැන්තයින් විසින් තමයි නව තාක්ෂනයන් දිනෙන් දින දියුනු කරමින් නව නිෂ්පාදන බිහිකරන්නේ.






ඒ ඒක්කම අපේ අවධානය යොමු කල යුතු අනිත් Field ඒක තමයි Software / App  Field  ඒක. අද වන විට ඉතා සීග්රයෙන් දියුනු වන Field ඒකක් තමයි Software Field ඒක කියන්නේ..  විශෙෂයෙන්ම ඉදිරි දශකය අැතුලත ලොව වැඩිම රැකියා අවස්ථාවන් ප්රමාණයක් බිහි කරන්න පුලුවන් Field ඒකක්. ඒයිනුත් Smart Phone සදහා Apps නිපදවන සමාගම් අද වන විටත් අති විශාල මුදල් ප්රමාණයක් උපයන සමාගම් අතර මුල් තැන් වල සිටිනවා.


දුර අනාගතයේ නොව මේ ගෙවෙන කාලය වන විටත් , අප ජීවත් වන්නේ මෘදුකාංග වල පිහිටක් නොමැති නම් බොහෝ දේ සිදු කරගැනීමට නොහැකිව අප අසරණ වන යුගයකයි. ඒසේ නම් Software සහ Apps හෙට දින අපේ උපකරණ වනු අැත, අපේ සහයකයන් වනු අැත, පැන්සල පොත නියන අඩුව තරමටම අපට නැතිවම බැරි දේ බවට පත් වනු අැත. 


            ඒවැනි පසුබිමක් යටතේ Software / Apps  නිපදවීමට දන්නා අයෙකුට හිමිවන තැන ඉතා ඉහළය. විශේෂයෙන්ම අප භාවිතා කරන Smart Phone Apps යනු අද ලෝකයේ සීග්ර දියුනුවක් ලබන ක්ෂේත්රයක්. 2017 වන විට App Market Industry ඒක අැ.ඩො.බිලියන 77 ක් වටිනා  Industry ඒකක් වෙනවා. ඉතින් Software නිපදවන්න දන්නා කෙනෙකුට නුදුරේදී හිමිවන්න තියෙන තැන ගැන කෙනෙකුට අදහසක් ගන්න පුලුවන් කියන ඒක හොදටම පැහැදිලියි.

            සැලැකිල්ලට ගත යුතු තවත් කාරනාවක් තමයි, බටහිර රටවල මේ ක්ෂේත්රය සාමාන්‍ය පාසල් විෂය ධාරාවක් විදියට කුඩා කාලයේ සිටම දරුවන්ට ඉගැන්වීම් කරන්නට දැනටමත් අාරම්භ කරලා කියන ඒක. ඒ්වගේ අනාගතයක තමයි අපිට නුදුරේදී ජීවත්වෙන්න තියෙන්නේ.. ඉතින් මෙය හුදෙක් ඉගෙන ගත හැකි විෂයක් නොව අනිවාර්යෙන්ම ඉගෙන ගතයුතු විෂයක් බව පැහැදිලි වෙනවා.




ඒසේ නම් මේ ක්ෂේත්රයත් සමග ඉදිරියට යාම අපේ අනාගතයට ඉතා වටින බව වැටහේ. රටක් වශයෙනුත් තනි තනිවමත් අනාගතයේ සාර්ථකව රැදී සිටීමට අනිවාර්ය සාධකයක් හැටියට Software and Application Development Field ඒක අපට අදුනා ගන්න පුලුවන්..

ඉතිරිය මීළග Post ඒකෙන්..

Sunday, March 6, 2016

අන්තර්ජාලයේ සැරිසරන ගමන් ගෙදර ඉදගෙනම ඉගෙනගන්න

                 
                 මේ බ්ලොග් ඒක කියවන ඔබ , මේ මොහොතේ කරන්නෙත්, අප බොහෝ දෙනා දවසේ වැඩි කාලයක් සිදු කරන දෙයමයි. ඒනම් අනතර්ජාලය තුල සැරිසැරීම..

                    Internet Live Stats වෙබ් අඩවියේ සමීක්ෂනයන්ට අනුව 2014 වසර වන විට ශ්රී ලංකාව තුළ අන්තරජාල පරිශීලකයින් ගණන 4,267,507 ක් (මිලියන 4.2 ක්) වෙනවා.. ඒ කියන්නෙ ලංකාවේ ජනගහනයෙන් 19.9% ක්.

                    ජනගහනය මිලියන 21.4ක් වෙන රටක මෙය අති විෂාල ප්රතිශතයක්.. කොළඹ දිස්ත්රික්කය තුල විතරක් වයස අවුරුදු 6ත් 19ත් අතර පාසල් අධ්‍යාපනය නොලබන දරුවන් ප්රතිශතය 27.1% ක් වෙනවා..

                    ලංකාවේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුනු කරන්න ශ්රී ලංකා රජය දශක ගණනාවක් තිස්සේ (1948 සිට මේ දක්වා) විවිධ පියවර ක්රියාමාර්ගයන් අරගෙන තියෙනවා.. නමුත්, ඉහත සදහන් කල ඉලක්කම් දෙස බැලූ විට අපට පෙනෙන්නට තියෙන්නේ, ඒ හැම ව්‍යාපෘතියකටම වඩා අන්තර්ජාලය අපට සමීප වෙලා කියන ඒකයි. (ලංකාව අැතුලෙ අන්තර්ජාලයට තියෙන්නෙ දශක දෙකක ඉතිහාසයක් පමණයි)

                    ඉතින් අන්තර්ජාලය නම් මෙම "දැවැන්තයා" අප බොහෝ විට භාවිතා කරන්නේ , විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් හැටියට. ලංකාවේ වර්තමාන දේශපාලනය තුල නව පෙරලි සිදු කරන්නටත් අන්තර්ජාලයට හැකි වුනු බව රහසක් නෙවෙයි.
                 
                    කොහොම වුනත් අපි පාවිච්චි කරන මේ අන්තර්ජාලය අපේ දැනුම සංවර්ධනය කරන සේවාවක් හැටියටත් අපට භාවිතා කරන්න පුලුවන්.. අපේ වටිනා කාලය අපේ දැනුම වැඩි දියුනු කරගන්න භාවිතා කරන්න පුලුවන් විදියක් ගැන තමයි මේ ලිපියෙන් කියන්නේ..


                    සමාජ ජාල වෙබ් අඩවි වල පැය ගණන් ගත කරන ඔබගේ දැනුම සංවර්ධනය කරන්න පුලුවන් වෙබ් අඩවි 10 ක් මෙම ලිපියෙන් ඔබට හදුනවා දෙනවා..



1. Coursera - 
                    මේ වෙබ් අඩවියෙන් ඔබට ලොව පුරා සිය ගණනක් අධ්‍යාපනික අායතන වල මහාචාර්ය වරුන් ගණනාවකගේ ඉගැන්වීම් වලට නොමිලයේම සහභාගී වීමට පුලුවන්. ඉතිහාසය , සමාජ විද්‍යාවේ සිට ඉංජිනේරු විද්‍යාව දක්වා ඔ්නෑම විෂයක් යටතේ ඔබට විවිධ පාඨමාලා නොමිලයේම හදාරන්න පුලුවන්.. මේවගේ වෙබ් අඩවි වලට කියන්නේ MOOCS (Massive Open Onilne Courses) කියලා. ඒ කියන්නේ දැවැන්ත නිදහස් අන්තර්ජාල පාඨමාලා.. ඉතින් අන්තර්ජාලය ඔස්සේ නිදහස් අධ්‍යාපනය ලැබීමට කැමති ඔ්නෑම කෙනෙකුට මෙවනි වෙබ් අඩවි වලින් දැනුම ගන්න පුලුවන්..


2. edx -
                    edx කියන්නෙත් තවත් MOOCS වර්ගයේම තවත් වෙබ් අඩවියක් තමයි. MIT සහ Harvard කියන විශ්ව විද්‍යාල දෙක ඒකමුතුවෙන් තමයි මේ ව්‍යාපෘතිය සිදුකරන්නේ.. ඉතින් විශ්ව විද්‍යාල පාඨමාලා ගෙදර ඉදන්ම හදාරන්න මෙම MOOCS වෙබ් අඩවිය ඔබට භාවිතා කරන්න පුලුවන්..

3. Khan Academy - 
       
                    මෙයත් තවත් අධ්‍යාපනික වෙබ් අඩවියක්. මෙමගින් ඔබේ දැනුම , මතක ශක්තිය වැඩි දියුනු කරගන්න පුලුවන් වගේම ඔබගේ දැනුම මට්ටම මැන ගැනීමටත්, ඒහි ප්රගතිය මැන බැලීමටත් හැකි අාකාරයේ විවිධ Tools මෙම වෙබ් අඩවියේ අඩංගු වෙනවා..

MOOC ඒකක් කියන්නේ මොකක්ද කියලා මේ විඩියෝ ඒකෙන් බල්න්න...


මේ තියෙන්නේ තවත් ඒ වගේ MOOC කීපයක්.. ඔබට කරන්න තියෙන්නේ මේ අතරින් ඔ්නෑම MOOC ඒකකින් ඔබට අවශ්‍ය Course ඒකක් කරන්නයි.. 
4. Udemy Free Courses  -

5. Stanford Free Courses

සරලවම කියනවා නම්, වෙනත් රටක තියෙන විශ්ව විද්‍යාලයක Course ඒකක් ඔබට ගෙදර සිට නොමිලේ සම්පූර්න කරන්න පුලුවන්. ඒකෙ Degree Certificate ඒක ගන්න නම් ඔබට ඉතා සුලු මුුදලක් ගෙවීමට සිදු වෙනවා. 


6. UC Berkeley Free Courses 

7. MIT Free Courses 



ඔබගේ පාඨමාලාවට අදාල දේශන Lectures , Notes , e-books සහ උපදෙස් මේ වෙබ් අඩවි වලින් නොමිලේම ලබා දෙනවා. ඒ වගේම විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරුන් ගේ දේශනයන්ද Video ලෙස ඔබට ලබා දෙනවා.

8. Harvard Free Courses 

ඔවුන් විසින් ලබා දෙන Assignments සහ Online Exams නියමිත කාලයට (Deadline) සම්පූර්ණ කර Submit කල යුතුයි. ඒ විදියට Course  ඒක Complete කල විට Course ඒක අවසානයේ ඔවුන් විසින් ඔබට උපාධිය හෝ සහතිකය ලබා දෙනවා.


9. UCLA Free Courses 



10. Yale Free Courses


Wednesday, March 6, 2013

අභීත දියණි - Abheetha Diyani (දොං යි , Dong Yi)


                                                                      සුජාත දියණි නම් ඉවරයි. සුජාත දියණි ඉවර වුනාට සුජාත දියණි කතාවට කැමති අයට නම් දුක අැති. ඒ හැමෝටමයි විදේශ ටෙලි නාට්‍ය බලන්න කැමති හැමෝටමයි රස විදින්න චංගුමී(changumi) ගෙ රටේම අලුත් දියණියක් ඒනවා. ඒ තමයි අභීත දියණි(Abheetha Diyani). සුජාත දියණි වගේම උනාට මේ කතාව සුජාත දියණිට වඩා වෙනස්. ඒ වගේම හරිම අාකර්ශණියයි. 




                                             
                                              මේ කතාවෙ ප්රධාන චරිතෙ තමයි දොං යි (Dong Yi) මේ කතාවෙ කොරියන් නමත්   දොං යි (Dong Yi) ම තමයි.  දොං යි ගෙ තාත්තා රජයෙ නිලධාරියෙක් වගේම ගෙයුම් ගෙයි (geum gi) (අසිපත් සංගමය) කියල රහස් සංවිධානයක් පවත්වාගෙන යනවා. අස්පත් සංගමයෙ කාර්යය තමයි රජ මාලිගාවෙ ඉන්න වහල් සේවකයින්ට අසාධාරණයක් වෙන විට ඊට විරුද්ධව සටන් කිරීම. 

                                             ඔහොම ඉන්න කොට රජයට විරුද්ධව කුමන්ත්රණ කරන අැමති කෙනෙක් රජයට හිතවත් අැමති වරුන්ව ඝාතනය කරනවා. ඒම ඝාතන වල වගකීමත් පැටවෙන්නෙ අසිපත් සංගමයට . මේ නිසා හමුදාව විසින් අසිපත් සංගමය විනාශ කරලා දානවා . ඉතින් දොන් යි ගෙ තාත්තයි , අයියයි , ජෙන්සු අයියි , මැරෙනවා. පුංචි දොන් යි තනිවම හැදී වැඩිලා තමන් ගෙ තාත්තටයි අයියටයි සිදු වෙච්ච අසාධාරණයට වන්දි ලබා ගන්න සහ ඒ අයගෙ නමට සිදු වෙච්ච කැලල මකා දැමීම අරමුණු කරගෙන දොං යි ගෙ ජීවිතය ගතවීම තමයි අභීත දියණි කතාව පුරාවටම දිවෙන්නෙ.


                                           සුජාත දියණි කතාවෙන් අපි අදුරගත්තු මිං ජුන් හෝ (ජී ජින් හී ) තමයි මේ කතාවෙත් ප්රධාන චරිතය රගපාන්නෙ. දොං යි චරිතයට රග පාන්නෙ 26 හැවිරිදි හං හ්‍යෝ ජූ කියන සුරූපී නිලිය . ඒයා තවමත් අවිවාහකයි. දකුණු කොරියානු ටෙලි නාට්‍යය ඉතිහාසයෙ වැඩිම සම්මාන ගණනක් දිනපු ටෙලි නාට්‍යය හැටියට වාර්තාවෙන්නෙත් මේ කතාවම තමයි.

                                        සුපුරුදු පරිදි මේ කතාවත් අපිට ගෙන ඒන්නෙ ජාතික රූපවාහිනියෙ හඩ කැවීම් අංශයම තමයි. ඔෂින්ට වගේම සුජාත දියණියටත්  අාදරය කරපු හැමෝගෙම අාදරය දිනා ගන්න අලුත් ම දියණිය තමයි අභීත දියණි. 

අභීත දියණි ගැන වැඩි විස්තර දැන ගන්න පිවිසෙන්න
CLICK HERE
 http://sujathadiyani.webs.com/jewel%20in%20the%20crown.swf

Friday, February 8, 2013

65 වන නිදහස. Independence day of Sri-Lanka.

            



                නිදහස් දිනයද ගෙවී ගියේය. ත්රිකුණාමලයේදී ජනපතිදුන් මූලිකත්වයෙන් ත්රිවිධ හමුදා අාචාර පෙළපාළි මැද උත්කර්ෂවත් ලෙස නිදහස් දින සැමරුම් උලෙළ පැවැත්විණි. සුපුරුදු පරිදි මේ සියලු ක්රියාදාමයන් සිදුවන අතර තුර අනෙක් පසින් ලංකාවට ඒරෙහි බල වේග ද ක්රියාත්මක වන බව ද දැකිය හැක. අැමරිකානු නියෝජිතයන් පසුගියදා ලංකාව වෙත ඒවීම ඒවැනි ඒක් පියවරකි. ඔවුන් ජිනීවා මානව හිමිකම් 22වන සැසියේදී ලංකාවට විරුද්ධව චෝදනා ඒල්ල කරන බව මාධ්‍යය හමුවේ ප්රකාශ කලහ.

                   

 

                   යුද්ධයේ මුල් අවධියේදී අැමරිකාව L.T.T.E විරෝධී ප්රතිපත්තියක් අනුගමනය කලද යුද්ධය ජයග්රහණය කරමින් අවසානයට ළගා වීමේදී අැමරිකාව අැතුලු බටහිර රටවල් යුද්ධය නතර කරන ලෙස බලකිරීම් කරන්නට විය. අවසාන මොහොතේ ඒම බල කිරීම් නොතකා යුද්ධය අවසානය තෙක් සිදු කිරීම නිසාබටහිරින් යැපෙන රටක් සිය අණ නොසලකා හැරීම තම අාධිපත්‍යයට සිදු වූ කැලලක් ලෙස බටහිරයෝ සිතූහ . ඒම නිසා ලෝකය හමුවේ තම බලය තහවුරු කිරීම සදහා දඩුවමක් ලෙස ලංකාවට ඒරෙහි මෙවැනි චෝදනා ඒල්ල කිරීම තුලින් ලංකාවට තරවටු කිරීම ඒක්සත් ජාතීන් අැතුලු බටහිර ප්රජාවගේ අරමුණයි.

                    මෙම චෝදනා වලට මුහුණ දීමට අපට සිදුව අැත්තේ ලංකාව විදේශ ණය මත යැපෙන නිසා සහලංකාවේ අපනයනයන් ගෙන් අති බහුතරය මිලදී ගන්නේ අැමරිකාව වැනි බටහිර රටවල් නිසාය. සිදුව අැත්තේ අප රටේ ස්ෙවෙරීත්වය වෙනුවෙන් බටහිරයින් ගෙන් දඩුවම් විදීමටය.

                    මේ අනුව වසර 65ක් තිස්සේ පෙබරවාරි 04 දා අප සමරන්නේ කිනම් නිදහසක් දැයි හැගේ. ඒමෙන්ම අප විසින් ඉතා ඉහලින් පිලිගන්නා ප්රජාතන්ත්ර වාදයද අපටම විරුද්ධව බටහිරයින් මෙන්ම කොටි හිතවාදීන්ද භාවිතා කිරීම අද සිදුවේ. Independence day නමින් අප සමරන යැපීමෙන් නිදහස් වීම හෙවත් ගැතිකමින් නිදහස් වීම  සහස්ෙවෙරීත්වය හෙවත් අපට අවශ්‍ය අාකාරයට තීරණ ගැනීමේ අයිතිය බටහිරයින් හමුවේ අදද අපට අහිමිය.

                    මෙය හුදෙක් බල රහිත (තෙල් හා යුධ) රට වලට පමණක් අදාළ නොවේ. බටහිර නොවන අනෙකුත්බලවත් රාජ්‍යයන්ද තම ස්ෙවෙරීත්වය රැක ගන්නේ තම යුධ ශක්තිය විදහා දැක්වීමෙනි. සෑම වසරකම ලොව පුරායුධ අභ්‍යාස හා දිගු දුර මිසයිල  අත්හදා බැලීම් සිදු කිරීමෙන් ඔවුන් කරන්නේ තම රාජ්‍යය වල අැගිලි ගසන්නන්ට අනතුරු අැගවීමකි. මෙහිදී ඒවැනි රාජ්‍යයන්ට විරුද්ධව අපව දේශපාලන අතකොලු ලෙස භාවිතා කිරීම බටහිරයින්විසින් සිදු කරයි.

                    නිදහසට පෙර මෙය බලහත්කාරයෙන් සිදු වුවද දැන් ඒය අප කැමැත්තෙන්ම සිදුකරගනිමු. බටහිරයින් විසින් අපට දුන් අප විශ්වාස කරන ව්‍යාවස්ථාව නීති පද්ධතිය හා දැනුම විසින් තව අවුරුදු 500ක් ගියද අප තබන්නේ අද අප සිටින තැනම හෝ ඊටත් පහළිනි. වර්තමාන සමාජ හා අාර්ථික ක්රමය අපව සැමදා බටහිරයිනගේ ටොකු කන ජාතියක් ලෙසම තබනු අැත.

                    මෙම තත්වයෙන් මිදීම සදහා වෙනස් වීමට කාලය ඒළඹ අැත. සියලු දේශපාලන පක්ෂ සිය පක්ෂ ව්‍යාවස්ථාවන් සංෂෝධනය  කර ගත යුතු කාලයකි. රටේ සෑම අංශයක්ම ජාතික ප්රතිපත්තීන් ගෙන් සන්නද්ධ වීම සදහා දැන්වත් යොමු විය යුතු බව 65 වන නිදහස් දිනයේදී වත් අප සිහි නගා ගත යුතුය.