Thursday, June 16, 2016

සෑම කෙනෙක්ම කම්පියුටර් ප්රෝග්රැමින්ග් ඉගෙන ගත යුත්තේ අැයි.....!!!

            සොෆ්ට්වෙයා , අැප්ස් , Smart Phone , Network , මේ වචන අද කාලෙ ජීවත් වෙන අපිට නම් , බොහොම හුරු පුරුදු වචන.. මේ හැම  දෙයක්ම දවසේ හැම මොහොතකම අපේ ජීවිතයට බලපාන දේවල් බවට පත්වෙලා..  මීට අවුරුදු 10 කට 15 කට විතර කලින් නම් මේ වචන ගැන උනන්දුවක් තිබුනෙ බොහොම සුලු පිරිසකට විතරයි. හැබැයි මේ ක්ෂේත්ර මොන තරම් ඉක්මනින් දියුනු වෙනවද කියනවනම් , අද වෙනකොට මේ දේවල් භාවිතා කරන්න නොදන්න කුඩා දරුවෙක් හෝ වැඩිහිටියෙක්  හොයා ගන්න ඒක ලේසි වැඩක් නොවන තැනට අැවිල්ලා..

            ඒ අතින් නම් ලංකාව ලබලා තියෙන දියුුනුව ගැන ගොඩක් සතුටු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම Smart Phone සහ Computer කියන උපාංග දෙක බහුලවම භාවිතා කරනවා දකින්න පුලුවන්.. ඒ වගේම මේ 
ක්ෂේත්ර දෙකේ තියෙන විශේෂත්වය තමයි , අද ලෝකයේ වැඩිපුරම මුදල් උපයන අංශ දෙක වෙලා තියෙන්නේ මේ ක්ෂේත්ර දෙක. Computer සහ Mobile phone කියන Field දෙකේම ප්රධාන කොටස් දෙකක් තියෙනවා.

                1.    Hardware - Physical Equipment
                2.    Software / Apps.

            මේ අතරින් Hardware Field ඒක අද වන විට ඉතාම තරගකාරී විදිහට දියුනුවක් ලබලා තියෙනවා. විශේෂයෙන්ම Apple , Samsung , HTC , Microsoft , IBM , Lenovo අාදී වශයෙන් ක්ෂේත්රයේ දැවැන්තයින් විසින් තමයි නව තාක්ෂනයන් දිනෙන් දින දියුනු කරමින් නව නිෂ්පාදන බිහිකරන්නේ.






ඒ ඒක්කම අපේ අවධානය යොමු කල යුතු අනිත් Field ඒක තමයි Software / App  Field  ඒක. අද වන විට ඉතා සීග්රයෙන් දියුනු වන Field ඒකක් තමයි Software Field ඒක කියන්නේ..  විශෙෂයෙන්ම ඉදිරි දශකය අැතුලත ලොව වැඩිම රැකියා අවස්ථාවන් ප්රමාණයක් බිහි කරන්න පුලුවන් Field ඒකක්. ඒයිනුත් Smart Phone සදහා Apps නිපදවන සමාගම් අද වන විටත් අති විශාල මුදල් ප්රමාණයක් උපයන සමාගම් අතර මුල් තැන් වල සිටිනවා.


දුර අනාගතයේ නොව මේ ගෙවෙන කාලය වන විටත් , අප ජීවත් වන්නේ මෘදුකාංග වල පිහිටක් නොමැති නම් බොහෝ දේ සිදු කරගැනීමට නොහැකිව අප අසරණ වන යුගයකයි. ඒසේ නම් Software සහ Apps හෙට දින අපේ උපකරණ වනු අැත, අපේ සහයකයන් වනු අැත, පැන්සල පොත නියන අඩුව තරමටම අපට නැතිවම බැරි දේ බවට පත් වනු අැත. 


            ඒවැනි පසුබිමක් යටතේ Software / Apps  නිපදවීමට දන්නා අයෙකුට හිමිවන තැන ඉතා ඉහළය. විශේෂයෙන්ම අප භාවිතා කරන Smart Phone Apps යනු අද ලෝකයේ සීග්ර දියුනුවක් ලබන ක්ෂේත්රයක්. 2017 වන විට App Market Industry ඒක අැ.ඩො.බිලියන 77 ක් වටිනා  Industry ඒකක් වෙනවා. ඉතින් Software නිපදවන්න දන්නා කෙනෙකුට නුදුරේදී හිමිවන්න තියෙන තැන ගැන කෙනෙකුට අදහසක් ගන්න පුලුවන් කියන ඒක හොදටම පැහැදිලියි.

            සැලැකිල්ලට ගත යුතු තවත් කාරනාවක් තමයි, බටහිර රටවල මේ ක්ෂේත්රය සාමාන්‍ය පාසල් විෂය ධාරාවක් විදියට කුඩා කාලයේ සිටම දරුවන්ට ඉගැන්වීම් කරන්නට දැනටමත් අාරම්භ කරලා කියන ඒක. ඒ්වගේ අනාගතයක තමයි අපිට නුදුරේදී ජීවත්වෙන්න තියෙන්නේ.. ඉතින් මෙය හුදෙක් ඉගෙන ගත හැකි විෂයක් නොව අනිවාර්යෙන්ම ඉගෙන ගතයුතු විෂයක් බව පැහැදිලි වෙනවා.




ඒසේ නම් මේ ක්ෂේත්රයත් සමග ඉදිරියට යාම අපේ අනාගතයට ඉතා වටින බව වැටහේ. රටක් වශයෙනුත් තනි තනිවමත් අනාගතයේ සාර්ථකව රැදී සිටීමට අනිවාර්ය සාධකයක් හැටියට Software and Application Development Field ඒක අපට අදුනා ගන්න පුලුවන්..

ඉතිරිය මීළග Post ඒකෙන්..

No comments:

Post a Comment