Showing posts with label pelapaliya. Show all posts
Showing posts with label pelapaliya. Show all posts

Thursday, September 27, 2012

විරෝධතා පෙළපාලිය.


                                                              රටෙහි උද්ගත වී අැති අධ්‍යාපනික අර්බුධ වලට විසදුම් ඉල්ලමින් අන්තර් විෂ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමන ඊයේ (සැප් 27) කොළඹ නුවර ප්රධාන මාර්ගයේ දී පැවැත්විය. ඊයේ නිට්ටඹුව බස් නැවතුම් පලින් අාරම්භ කල පාගමන කඩවත ප්රදේශයෙන් අවසන් වූ අතර අද දින ඒතැන් සිට කොළඹ දක්වා මෙම  පා ගමන ගමන් කිරීදට නියිමිතය.
                                                              උසස් අධ්‍යාපන අැමති ඒස්.බී. දිසානායක සහ අධ්‍යාපන අැමති බන්දුල ගුණවර්ධන  යන අැමතිවරුන් සහ අධ්‍යාපනය පිලිබදව රජයේ ප්රතිපත්ති මෙහිදී ප්රධාන වශයෙන් විවේචනයට ලක්විය.  Z ලකුණු අර්බුධය විශ්ව විද්‍යාල අාචාර්ය වරුන් ගේ වැටුප් අර්බුධය අාදියට විසදුම් යනා දී දෑ මෙම පෙල පාලියෙහි ප්රධාන සටන් පාඨ විය. 400කට අධික උද්ගෝෂකයින් පිරිසක් මෙම පෙලපාලියේදී දක්නට හැකිවිය.

                                                             විෂ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ගුරු සංගම් මගින් අඛණ්ඩව දින 4ක් පුරාවට පවත්වාගෙන යන විරෝධතා පෙලපාලියට සමගාමීව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මෙම පෙලපාලිය සංවිධානය කොට අැත.