Sunday, March 6, 2016

අන්තර්ජාලයේ සැරිසරන ගමන් ගෙදර ඉදගෙනම ඉගෙනගන්න

                 
                 මේ බ්ලොග් ඒක කියවන ඔබ , මේ මොහොතේ කරන්නෙත්, අප බොහෝ දෙනා දවසේ වැඩි කාලයක් සිදු කරන දෙයමයි. ඒනම් අනතර්ජාලය තුල සැරිසැරීම..

                    Internet Live Stats වෙබ් අඩවියේ සමීක්ෂනයන්ට අනුව 2014 වසර වන විට ශ්රී ලංකාව තුළ අන්තරජාල පරිශීලකයින් ගණන 4,267,507 ක් (මිලියන 4.2 ක්) වෙනවා.. ඒ කියන්නෙ ලංකාවේ ජනගහනයෙන් 19.9% ක්.

                    ජනගහනය මිලියන 21.4ක් වෙන රටක මෙය අති විෂාල ප්රතිශතයක්.. කොළඹ දිස්ත්රික්කය තුල විතරක් වයස අවුරුදු 6ත් 19ත් අතර පාසල් අධ්‍යාපනය නොලබන දරුවන් ප්රතිශතය 27.1% ක් වෙනවා..

                    ලංකාවේ ජනතාවගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුනු කරන්න ශ්රී ලංකා රජය දශක ගණනාවක් තිස්සේ (1948 සිට මේ දක්වා) විවිධ පියවර ක්රියාමාර්ගයන් අරගෙන තියෙනවා.. නමුත්, ඉහත සදහන් කල ඉලක්කම් දෙස බැලූ විට අපට පෙනෙන්නට තියෙන්නේ, ඒ හැම ව්‍යාපෘතියකටම වඩා අන්තර්ජාලය අපට සමීප වෙලා කියන ඒකයි. (ලංකාව අැතුලෙ අන්තර්ජාලයට තියෙන්නෙ දශක දෙකක ඉතිහාසයක් පමණයි)

                    ඉතින් අන්තර්ජාලය නම් මෙම "දැවැන්තයා" අප බොහෝ විට භාවිතා කරන්නේ , විනෝදාස්වාදය සපයන මාධ්‍යයක් හැටියට. ලංකාවේ වර්තමාන දේශපාලනය තුල නව පෙරලි සිදු කරන්නටත් අන්තර්ජාලයට හැකි වුනු බව රහසක් නෙවෙයි.
                 
                    කොහොම වුනත් අපි පාවිච්චි කරන මේ අන්තර්ජාලය අපේ දැනුම සංවර්ධනය කරන සේවාවක් හැටියටත් අපට භාවිතා කරන්න පුලුවන්.. අපේ වටිනා කාලය අපේ දැනුම වැඩි දියුනු කරගන්න භාවිතා කරන්න පුලුවන් විදියක් ගැන තමයි මේ ලිපියෙන් කියන්නේ..


                    සමාජ ජාල වෙබ් අඩවි වල පැය ගණන් ගත කරන ඔබගේ දැනුම සංවර්ධනය කරන්න පුලුවන් වෙබ් අඩවි 10 ක් මෙම ලිපියෙන් ඔබට හදුනවා දෙනවා..



1. Coursera - 
                    මේ වෙබ් අඩවියෙන් ඔබට ලොව පුරා සිය ගණනක් අධ්‍යාපනික අායතන වල මහාචාර්ය වරුන් ගණනාවකගේ ඉගැන්වීම් වලට නොමිලයේම සහභාගී වීමට පුලුවන්. ඉතිහාසය , සමාජ විද්‍යාවේ සිට ඉංජිනේරු විද්‍යාව දක්වා ඔ්නෑම විෂයක් යටතේ ඔබට විවිධ පාඨමාලා නොමිලයේම හදාරන්න පුලුවන්.. මේවගේ වෙබ් අඩවි වලට කියන්නේ MOOCS (Massive Open Onilne Courses) කියලා. ඒ කියන්නේ දැවැන්ත නිදහස් අන්තර්ජාල පාඨමාලා.. ඉතින් අන්තර්ජාලය ඔස්සේ නිදහස් අධ්‍යාපනය ලැබීමට කැමති ඔ්නෑම කෙනෙකුට මෙවනි වෙබ් අඩවි වලින් දැනුම ගන්න පුලුවන්..


2. edx -
                    edx කියන්නෙත් තවත් MOOCS වර්ගයේම තවත් වෙබ් අඩවියක් තමයි. MIT සහ Harvard කියන විශ්ව විද්‍යාල දෙක ඒකමුතුවෙන් තමයි මේ ව්‍යාපෘතිය සිදුකරන්නේ.. ඉතින් විශ්ව විද්‍යාල පාඨමාලා ගෙදර ඉදන්ම හදාරන්න මෙම MOOCS වෙබ් අඩවිය ඔබට භාවිතා කරන්න පුලුවන්..

3. Khan Academy - 
       
                    මෙයත් තවත් අධ්‍යාපනික වෙබ් අඩවියක්. මෙමගින් ඔබේ දැනුම , මතක ශක්තිය වැඩි දියුනු කරගන්න පුලුවන් වගේම ඔබගේ දැනුම මට්ටම මැන ගැනීමටත්, ඒහි ප්රගතිය මැන බැලීමටත් හැකි අාකාරයේ විවිධ Tools මෙම වෙබ් අඩවියේ අඩංගු වෙනවා..

MOOC ඒකක් කියන්නේ මොකක්ද කියලා මේ විඩියෝ ඒකෙන් බල්න්න...


මේ තියෙන්නේ තවත් ඒ වගේ MOOC කීපයක්.. ඔබට කරන්න තියෙන්නේ මේ අතරින් ඔ්නෑම MOOC ඒකකින් ඔබට අවශ්‍ය Course ඒකක් කරන්නයි.. 
4. Udemy Free Courses  -

5. Stanford Free Courses

සරලවම කියනවා නම්, වෙනත් රටක තියෙන විශ්ව විද්‍යාලයක Course ඒකක් ඔබට ගෙදර සිට නොමිලේ සම්පූර්න කරන්න පුලුවන්. ඒකෙ Degree Certificate ඒක ගන්න නම් ඔබට ඉතා සුලු මුුදලක් ගෙවීමට සිදු වෙනවා. 


6. UC Berkeley Free Courses 

7. MIT Free Courses 



ඔබගේ පාඨමාලාවට අදාල දේශන Lectures , Notes , e-books සහ උපදෙස් මේ වෙබ් අඩවි වලින් නොමිලේම ලබා දෙනවා. ඒ වගේම විශ්ව විද්‍යාල වල මහාචාර්ය වරුන් ගේ දේශනයන්ද Video ලෙස ඔබට ලබා දෙනවා.

8. Harvard Free Courses 

ඔවුන් විසින් ලබා දෙන Assignments සහ Online Exams නියමිත කාලයට (Deadline) සම්පූර්ණ කර Submit කල යුතුයි. ඒ විදියට Course  ඒක Complete කල විට Course ඒක අවසානයේ ඔවුන් විසින් ඔබට උපාධිය හෝ සහතිකය ලබා දෙනවා.


9. UCLA Free Courses 



10. Yale Free Courses


2 comments: