Wednesday, March 6, 2013

අභීත දියණි - Abheetha Diyani (දොං යි , Dong Yi)


                                                                      සුජාත දියණි නම් ඉවරයි. සුජාත දියණි ඉවර වුනාට සුජාත දියණි කතාවට කැමති අයට නම් දුක අැති. ඒ හැමෝටමයි විදේශ ටෙලි නාට්‍ය බලන්න කැමති හැමෝටමයි රස විදින්න චංගුමී(changumi) ගෙ රටේම අලුත් දියණියක් ඒනවා. ඒ තමයි අභීත දියණි(Abheetha Diyani). සුජාත දියණි වගේම උනාට මේ කතාව සුජාත දියණිට වඩා වෙනස්. ඒ වගේම හරිම අාකර්ශණියයි. 




                                             
                                              මේ කතාවෙ ප්රධාන චරිතෙ තමයි දොං යි (Dong Yi) මේ කතාවෙ කොරියන් නමත්   දොං යි (Dong Yi) ම තමයි.  දොං යි ගෙ තාත්තා රජයෙ නිලධාරියෙක් වගේම ගෙයුම් ගෙයි (geum gi) (අසිපත් සංගමය) කියල රහස් සංවිධානයක් පවත්වාගෙන යනවා. අස්පත් සංගමයෙ කාර්යය තමයි රජ මාලිගාවෙ ඉන්න වහල් සේවකයින්ට අසාධාරණයක් වෙන විට ඊට විරුද්ධව සටන් කිරීම. 

                                             ඔහොම ඉන්න කොට රජයට විරුද්ධව කුමන්ත්රණ කරන අැමති කෙනෙක් රජයට හිතවත් අැමති වරුන්ව ඝාතනය කරනවා. ඒම ඝාතන වල වගකීමත් පැටවෙන්නෙ අසිපත් සංගමයට . මේ නිසා හමුදාව විසින් අසිපත් සංගමය විනාශ කරලා දානවා . ඉතින් දොන් යි ගෙ තාත්තයි , අයියයි , ජෙන්සු අයියි , මැරෙනවා. පුංචි දොන් යි තනිවම හැදී වැඩිලා තමන් ගෙ තාත්තටයි අයියටයි සිදු වෙච්ච අසාධාරණයට වන්දි ලබා ගන්න සහ ඒ අයගෙ නමට සිදු වෙච්ච කැලල මකා දැමීම අරමුණු කරගෙන දොං යි ගෙ ජීවිතය ගතවීම තමයි අභීත දියණි කතාව පුරාවටම දිවෙන්නෙ.


                                           සුජාත දියණි කතාවෙන් අපි අදුරගත්තු මිං ජුන් හෝ (ජී ජින් හී ) තමයි මේ කතාවෙත් ප්රධාන චරිතය රගපාන්නෙ. දොං යි චරිතයට රග පාන්නෙ 26 හැවිරිදි හං හ්‍යෝ ජූ කියන සුරූපී නිලිය . ඒයා තවමත් අවිවාහකයි. දකුණු කොරියානු ටෙලි නාට්‍යය ඉතිහාසයෙ වැඩිම සම්මාන ගණනක් දිනපු ටෙලි නාට්‍යය හැටියට වාර්තාවෙන්නෙත් මේ කතාවම තමයි.

                                        සුපුරුදු පරිදි මේ කතාවත් අපිට ගෙන ඒන්නෙ ජාතික රූපවාහිනියෙ හඩ කැවීම් අංශයම තමයි. ඔෂින්ට වගේම සුජාත දියණියටත්  අාදරය කරපු හැමෝගෙම අාදරය දිනා ගන්න අලුත් ම දියණිය තමයි අභීත දියණි. 

අභීත දියණි ගැන වැඩි විස්තර දැන ගන්න පිවිසෙන්න
CLICK HERE
 http://sujathadiyani.webs.com/jewel%20in%20the%20crown.swf

No comments:

Post a Comment