නිදහස් දිනයද ගෙවී ගියේය. ත්රිකුණාමලයේදී ජනපතිදුන් මූලිකත්වයෙන් ත්රිවිධ හමුදා අාචාර පෙළපාළි මැද උත්කර්ෂවත් ලෙස නිදහස් දින සැමරුම් උලෙළ පැවැත්විණි. සුපුරුදු පරිදි මේ සියලු ක්රියාදාමයන් සිදුවන අතර තුර අනෙක් පසින් ලංකාවට ඒරෙහි බල වේග ද ක්රියාත්මක වන බව ද දැකිය හැක. අැමරිකානු නියෝජිතයන් පසුගියදා ලංකාව වෙත ඒවීම ඒවැනි ඒක් පියවරකි. ඔවුන් ජිනීවා මානව හිමිකම් 22වන සැසියේදී ලංකාවට විරුද්ධව චෝදනා ඒල්ල කරන බව මාධ්‍යය හමුවේ ප්රකාශ කලහ.


මෙම චෝදනා වලට මුහුණ දීමට අපට සිදුව අැත්තේ ලංකාව විදේශ ණය මත යැපෙන නිසා සහලංකාවේ අපනයනයන් ගෙන් අති බහුතරය මිලදී ගන්නේ අැමරිකාව වැනි බටහිර රටවල් නිසාය. සිදුව අැත්තේ අප රටේ ස්ෙවෙරීත්වය වෙනුවෙන් බටහිරයින් ගෙන් දඩුවම් විදීමටය.
මේ අනුව වසර 65ක් තිස්සේ පෙබරවාරි 04 දා අප සමරන්නේ කිනම් නිදහසක් දැයි හැගේ. ඒමෙන්ම අප විසින් ඉතා ඉහලින් පිලිගන්නා ප්රජාතන්ත්ර වාදයද අපටම විරුද්ධව බටහිරයින් මෙන්ම කොටි හිතවාදීන්ද භාවිතා කිරීම අද සිදුවේ. Independence day නමින් අප සමරන යැපීමෙන් නිදහස් වීම හෙවත් ගැතිකමින් නිදහස් වීම සහස්ෙවෙරීත්වය හෙවත් අපට අවශ්‍ය අාකාරයට තීරණ ගැනීමේ අයිතිය බටහිරයින් හමුවේ අදද අපට අහිමිය.
මෙය හුදෙක් බල රහිත (තෙල් හා යුධ) රට වලට පමණක් අදාළ නොවේ. බටහිර නොවන අනෙකුත්බලවත් රාජ්‍යයන්ද තම ස්ෙවෙරීත්වය රැක ගන්නේ තම යුධ ශක්තිය විදහා දැක්වීමෙනි. සෑම වසරකම ලොව පුරායුධ අභ්‍යාස හා දිගු දුර මිසයිල අත්හදා බැලීම් සිදු කිරීමෙන් ඔවුන් කරන්නේ තම රාජ්‍යය වලට අැගිලි ගසන්නන්ට අනතුරු අැගවීමකි. මෙහිදී ඒවැනි රාජ්‍යයන්ට විරුද්ධව අපව දේශපාලන අතකොලු ලෙස භාවිතා කිරීම බටහිරයින්විසින් සිදු කරයි.
නිදහසට පෙර මෙය බලහත්කාරයෙන් සිදු වුවද දැන් ඒය අප කැමැත්තෙන්ම සිදුකරගනිමු. බටහිරයින් විසින් අපට දුන් අප විශ්වාස කරන ව්‍යාවස්ථාව නීති පද්ධතිය හා දැනුම විසින් තව අවුරුදු 500ක් ගියද අප තබන්නේ අද අප සිටින තැනම හෝ ඊටත් පහළිනි. වර්තමාන සමාජ හා අාර්ථික ක්රමය අපව සැමදා බටහිරයිනගේ ටොකු කන ජාතියක් ලෙසම තබනු අැත.
මෙම තත්වයෙන් මිදීම සදහා වෙනස් වීමට කාලය ඒළඹ අැත. සියලු දේශපාලන පක්ෂ සිය පක්ෂ ව්‍යාවස්ථාවන් සංෂෝධනය කර ගත යුතු කාලයකි. රටේ සෑම අංශයක්ම ජාතික ප්රතිපත්තීන් ගෙන් සන්නද්ධ වීම සදහා දැන්වත් යොමු විය යුතු බව 65 වන නිදහස් දිනයේදී වත් අප සිහි නගා ගත යුතුය.
No comments:
Post a Comment