Monday, January 28, 2013

චංගුමී . සුජාත දයණි ලංකාවෙ ජනප්රියම ටෙලිනාට්‍යයද !!!!





 මාතෘකාවේ  තියෙන  ප්රශ්නයට නම් උත්තරයක් දෙන්න මේ වෙලාෙව
බැරි උනත් මෙහෙම දෙයක් නම් කියන්න පුලුවන්. පහුගිය කාලෙ සතියෙ දවස් වල හවස 6.30 ලංකාවෙ
ළමා , වැඩිහිටි , තරුණ , නව යොවුන් කියන මේ හැමෝම බැලුවෙ සුජාත දියණි තමයි කියන ඒක.
මීට කලින් විදේශීය නිර්මාණයක් හැටියට ලංකාව අැතුලෙ ජනප්රිය වුනේ ඔෂින්. හැබැයි ඔෂීන්ටත් වඩා
සුජාත දියණී ලංකාවෙ ජනප්රිය වෙලා තියෙනවා . සුජාත දියණී මේ තරම් ජනප්රියත්වයක් ලබන්න
හේතු මොනවාද ? ඒ පිළිබද ප්රේක්ෂක අැසින් විමසා බලමු.

                                            සුජාත දියණි කතාවෙත් මුල් කොටස් ඔෂින් කතාවට අනුරූපයි. මෙහිදීද
කතාව අාරම්භ වන්නේ චංගුමී කුඩා දැරියක් අවදියෙන්. සුජාත දියණී කතාව මූලික අවධි 3 කින් දක්වන්න
පුලුවන්.





1) කුඩා අවධිය.

                                          කතාවේ මෙම අවධියේදී සිද්දවෙන්නේ  හදුන්වාදීමක් වගේ දෙයක් තමයි.
චංගුමීගේ මව හා පියා ,  මාලිගාවේ නිලධාරීන් අතර තියෙන මූල්‍ය වංචා ,  චෝයි පවුල තම
පෞද්ගලික ව්‍යාපාර සදහා රෘජ්‍ය වරප්රසාද පාවිච්චි කරන විදිය , අවසාන වශයෙන් චෝයි පවුල විසින්
රැජින ඝාතනය කිරීමට කරන කුමන්ත්රණ , ඒවා දැනගැනීම නිසා චංගුමීගේ මව හා පියාව චෝයි පවුල
විසින් ඝාතනය කිරීම සහ කුඩා චංගුමී දෙමාපියන් ද නැතුව මාලිගාව අතුලෙ පුහුණු වන පාලිකාවක් විදිහට
හැදී වැඩෙන හැටි තමයි මෙම කොටසෙන් කියවෙන්නේ. මෙම අවධියේදි  කතාවෙ වැඩි බලය මුලු මනින්ම
වාගේ තියෙන්නෙ  චෝයි පවුලටයි.


2) මුලුතැන් ගෙයි පාලිකාවක් ලෙස.

                                           මෙම අවධිය කතාවේ ප්රධාන චරිතය සෙසු චරිත අතරින් ෙහාදින්ම ඉස්මතු
වන අවධියයි. චංගුමීට සහජයෙන් හා මව් පාර්ශවයෙන් උරුම වන දක්ෂතාවය ඉතා අහිංසක විදියට භාවිතා
කරලා විරුද්ධවාදීන් හමුවේ අවිහිංසකව ඉස්මතු වෙලා සියලු දෙනාගේ අාදරය දිනා ගන්නේ මේ
අවධියෙ. දක්ෂතා කොතරම් තිබුනත් විරුද්ධ වාදීන් ගේ බලය ඉදිරියේ චංගුමී අතිශය අසරණ තත්වයකට
පත්වෙනවා. මෙම අවධිය අවසන් වන්නේ මවක් වගේ චංගුමී ළගම හිටිය චංගුමී ගේ  මවගේ හොදම
මිතුරියටත් මරණය අත්වෙලා චංගුමීව මාලිගාවෙන් පිටුවහල් කරලා.


3) හෙදියක් ලෙස නැවත පැමිණීම.

                                           කතාව අැතුලෙ නැවත පිබිදීමක් සිද්ද වෙන්නෙ මේ අවධියෙදි තමයි. මේ
අවධියෙ මුල ඉදලාම චෝයි පවුලේ බල පරාක්රමය බිද වැටෙන විදියට තමයි වැඩ සිද්ද වෙන්නෙ. විරුද්ධ
වාදීන් අතරම බලය පිලිබද කාකොටා ගැනීම් සිද්ද වෙන අතරම අාරක්ෂක නිලධාරීන් විසින් චෝයි
වරුන්ගේ මූල්‍ය වංචා ද හසුකරගන්නේ මේ අවධියේදී තමයි. මෙකල චංගුමී ගේ චරිතය දුර්වලතාවයන්
අඩු ශක්තිමත් චරිතයක් විදියට ඉදිරියට ඒනවා. රජුගේ හා රැජිනගේ අාදරය දිනා සිටින අැය බුද්ධිමත්ව
කටයුතු කරනවා. තම මවට පියාට , මව ගේ හොදම මිතුරියට සිදු කල අසාධාරණ කම් වලට පළි ගැනීමට
අවස්ථාව තිබුනත් අැය ඒ වගේ දෙයක් කරන්නේ නෑ.  නුවණින් හිතා බලා කටයුතු කරලා හන් පාලිකාව
ගේ නමට සිදුවුන කැලලද මකා දාලා මාලිගාවේ ප්රධාන ෙෙවද්‍ය වරිය වෙලා තමයි කතාව ඉවර වෙන්නෙ.



මේ හැම අවධියක්ම  කතාව අැතුලෙ  කොටස් 54 ක් තරමි අඩු කාලයකින් ගලා ගෙන යනවා.




Spreadation of story curve





curve of main character's rising and falling

                                                       
ගලා යාම ඒහෙම වෙද්දී  කතාවේ අකර්ෂණීය බව වැඩි වෙන්නත් බලපෑ හේතු රාශියක් තියෙනවා.






1)    කුඩා  චංගුමී ගෙ චරිතයත්  අැය හා සමග  හැදෙන වැඩෙන කුඩා දැරියන් ගේ  චරිතවලත්  සුරතල් බව
      කතාවේ මුල් අවධිය  ප්රේක්ෂක අැස අාකර්ශනය  කරන්න හේතු වෙලා තියෙනවා.  යොවුන්
      චංගුමීගෙ චරිතයේ සොදුරැ බව ඒතැන්  සිට  මුලු කතාව පුරාවටම  අාකර්ශනයක්  ගෙනල්ලා තියෙනවා.
      ඒ වගේම සෙසු චරිතත් ස්ත්රී පුරුෂ දෙපාර්ශවයම කතාවට විචිත්ර බවක් ඒක්කරලා ප්රේක්ෂකයා
      අැද බැද ගන්න  හේතු වෙලා  තියෙනවා.

2)   මේ කතාවෙ හැම සිදු වීමක්ම බොහොම ඉක්මනට සිද්ද වෙනවා. ඒකම සිදුවීමක් වෙනුවෙන් සෑහෙන
      කාලයක් බලා හිදීමට ප්රේක්ෂකයාට සිද්ද වෙන්නෑ. ප්රේක්ෂකයාගේ  කාලය කා දමමින් සති ගනන්
      කතාව අැදීමක් සිදු වෙන්නෑ. ඒ් වගේම කතාව අැතුලෙ දුක සතුට සමබර වීමක් හැම විටම සිද්ද
      වෙනවා. කතාවෙ ප්රධාන චරිතය මුලු මනින්ම කඩා වැටීමක් කිසිම වෙලාවක සිද්ද වෙන්නෑ. කතාවෙ
      චරිත විසින්ම හැම වෙලාවෙම කතාව ප්රබෝධමත් කිරීමක් (Refresh) කරනවා.

3)   මෙහි ප්රධාන චරිතය අාකර්ෂණීය වගේම දක්ෂ තාවයෙන් පිරි චරිතයක්.  හැඩූ කදුලෙන් කල් ගෙවීමක්
      කතාවෙ කිසිම තැනක සිද්ද වෙන්නෑ. ඒකම අරමුණක් වෙනුවෙන් ක්රියා කරන අැගේ ජීවිතේ සෑම
      සිදුවීමක්ම ඒම අරමුණ හා බද්ද කර ගන්න අැය සමත් වෙනවා. ඒයාගෙ හිත දිනාගන්නා මිං ජුං හෝ
      නිලධාරී තුමා ඒක්ක අැගේ තියෙන බැදීම වුනත්  දියුණු මානුෂීය බැදීමක් මිසක් හුදෙක් අාදර කතාවක්
      නෙවෙයි.  චංගුමීගේ සෑම වැටීමකදීම වගේම නැගී සිටීමකදීම මිං චරිතය අැයට උදව් කරනවා.

4)   ඒ වගේම මේ කතාව අධික වියදමක් දරා නිෂ්පාදනය කල ඒකක්. කතාවේ චරිත වල පෞර්ශත්වය
      වගේම කතාවේ පසුතලද ඉතා අලංකාර ලෙස නිරමාණය කරලා තියෙනවා.  මේ වෙනුවෙන් මාලිගාව
      ද ඉපැරණි කොරියානු ගම්මානද නැවත ප්රති නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම කතාවේ චරිත
      වල අැදුම් පැලදුම්ද ඉතා විචිත්ර සහ වර්ණවත් විදියට යොදා ගන්න කලා අධ්‍යක්ෂණය සමත් වෙලා
      තියෙනවා. ඒහි ප්රතිඵලයක් හැටියට කොරියානු හා ලෝක ප්රේක්ෂක ජනතාව පුරාණ කොරියානු
      සංස්කෘතිය ගැන අැල්මක් දක්වන්නටත් මෙම කතාව හේතු වෙලා තියෙනවා. ඒමනිසාම කතාව නිර්මාණය
      කළ මාලිගාවත් ඒම අැදුම් පැලදුමුත් නැරඹීම සදහා  ඒම මාලිගාව සහිත භූමිය සංචාරක උද්‍යානයක් කරල
      තියෙනවා.

5)   කතාව පුරාවටම  තියෙන වටිනාම ලක්ෂණය තමයි සරල බව. නොදන්නා කොරියානු සංස්කෘතිය
      සහ ඉතිහාස කතාවක් කිසිම බරක් නැතුව බොහෝම අාසාවෙන් නරඹන්න ප්රේක්ෂකයාව
      පොළඹවන ප්රධානම ලක්ෂණය තමයි කතාව පුරාවටම තියෙන මේ සරල බව.








ඒ කාරණා ටිකට අමතරව තව ටිකක් තියෙනවා. 

                                          මාලිගාවේ මැණික (අභරණය) වගේ නමක් වෙනුවට සුජාත දියණි කියන නම
      යොදපු ඒක චංගුමීව ප්රේක්ෂකයින්ට තවත් ලං කරන්න හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම
      කතාවෙ සිංහල  සිංදු නිර්මාණය කිරීම  බොහොම ලස්සන විදියට  කරලා තියෙනවා.  හඩ කැවීම්දීත්
      චංගුමීගේ චරිතයට  යොදාගෙන තියෙන හඩ  ඒම  චරිතයේ  ස්වරූපයට ලොකු සාධාරණයක් කරලා
      තියෙනවා.  ඒ හින්දත්  කතාවට මිනිස්සු අාකර්ශනය වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම
      අනෙක් චරිත වලටත් සුදුසු කටහඩ යොදා ගැනීම හරියටම සිද්ද වෙලා තියෙනවා.  ඒ පිලිබදව
      ගෞරවය ජාතික රෑපවාහිනියේ හඩ කැවීම් අංශයට ලැබිය යුතුමයි.      

No comments:

Post a Comment