Thursday, November 29, 2012

සුජාත දියණි

                             ඔෂින් (Oshin)   ජාතික   රූපවාහිනියෙන්(SLRC)   හඩ   කවපු    මුලු   ලංකාවෙම   මිනිස්සු   අතර   අතිශය   ජනප්රිය   වුනු    ජපන්   කතාවක්.   ඔන්න  කාලෙකට  පස්සෙ  මේ   ළගදිත්   ඔෂින්   විකාශනය   වුනා.    ඔෂින්(Oshin)   කියන්නෙ   ජපාන  සංස්කෘතිය  හොදින්   විදහා   දැක්වෙන   පවුලේ   හැමෝටම   ඒකට   නරඹන්න   පුලුවන්   අාදර්ශමත්   චරිතයක්   වටා   ගෙතුනු   වටිනා   ටෙලි වෘතාන්තයක්.   ජාතික   රූපවාහිනිය   කවදත්   විදේශීය   වැඩසටහන්   විකාශය   කරන  කොට   අපේ  රටට   ගැලපෙන   අපේ   මිනිස්සුන්ගේ   රසඥතාවයට   ගැලපෙන   වැඩසටහන්   තෝරා   ගන්න   වග  බලා   ගන්නවානෙ.  


OSHIN
         

                                         
                               ඔන්න   ඉතින්   මේ   වටිනා   ගුණධර්මය   ඉදිරියට   ගෙන   යමින්   ජාතික   රූපවාහිනියෙ  හඩ   කැවීම්   අංශය   නැවතත්   හොද   වැඩකට   අත   ගහලා   තියෙනවා.  ඔෂින්   කතාව   නරඹලා   ඔෂින්   චරිතයට   අාදරේ   කරපු   ලංකාවෙ   ප්රේක්ෂකයින්   වෙනුවෙන්   ජාතික   රූපවාහිනියෙ   අලුත්ම   හඩ   කැවීම්   නිර්මාණය   තමයි   සුජාත   දියණි (Sujatha  Diyani).  

                              මේක   දකුණු  කොරියානු   ටෙලි   වෘතාන්තයක්.   ඔෂින්   වගේම   අපමන   බාධා   මැද   ජීවිතයෙ   අරමුණු   ජය   ගනිමින්   ඉදිරියට   යන   චරිතයක්   වටා   තමයි   මේ   කතාවත්   ගෙතිලා   තියෙන්නෙ.   මේ   කතාවෙ   වීර   වරිය   තමයි   චන්ගුමී   ( Seo Jang Geum )   කියන්නෙ .   මෙ   නම  උච්චාරණය   කරන   විදිය   සමහර   විට   වෙනස්   අැති. (Changumi)



Little  Jang  Geum
                               කොරියානු   අධිරාජ්‍යයක්   පැවති   කාලෙ   කොරියානු   අධිරාජ්‍යයාගෙ  මාලිගයේ   පාලක   වරියකගෙ   සහ   කොරියානු   අධිරාජ්‍යයාගෙ   හමුදා   සෙබලකුගෙ   දියනිය   තමයි චන්ගුමී.   ඒයා   පොඩි කාලෙදිම  කුමන්ත්රණයකින්   ඒයාගෙ   අම්මවයි   තාත්වයි   ඝාතනය   කරනවා. ඊට   පස්සෙ   ඒයා   මාලිගාවෙ   පුහුණු   වෙන   පාලක   වරියක්   හැටියට   තමයි   හැදෙන්නෙ   වඩෙන්නෙ.   පුංචි   කාලෙ   ඉදලාම   චංගුමී වැඩිහිටි   පාලකවරියන්ගෙ   අාදරය   දිනා ගෙන   වැඩ   කලා.   චංගුමී   පොඩි   කාලෙම   චංගුමීගෙ   අම්මා   ඒයාගෙන්   පොරොන්දුවක්   ගන්නවා.   ඒ්   තමයි   කවදා   හරි   මාලිගාවෙ   මුලුතැන්  ගෙයි   ප්රධාන   පාලිකාව   වෙන්න   කියන   ඒක.  කතාව   යන්නෙ   ඔය   විදිහට   තමයි.


 Jang  Geum

                             සුජාත   දියනී   කතාවෙ   අැත්ත   නම   තමයි Dae  Jang  Geum  කියන්නෙ   ඒ්කෙ   තෙරුම   තමයි Jewel  in  the  Palace  කියන   ඒක.   සුජාත   දියනි     (sujatha diyani)  කියන්නෙ   නිකම්ම   කොරියානු   කතාවක්   නෙවෙයි.   මේක   ලෝක   ප්රසිද්ධ   වුනු   කොරියානු   ටෙලිනාට්‍යයක්. ඔෂින්ට  පස්සෙ  ලෝකෙ  වැඩිම   භාෂා  ගණනකට  හඩ   කවලා   තියෙන   කතාවත්   මෙක  තමයි. 



                            ලෝකය   පුරා   රටවල්   84   කට   අාසන්න   රටවල්   ප්රමාණයක   මෙම   කතාවෘතාන්තය   මේ   වන   විට   ප්රදර්ශනය   කරලා   තියෙනවා. 2003   අවුරුද්දෙ   තමයි   මේ   කතාව   මුලින්ම   දකුණු   කොරියාවෙ   ප්රදර්ශනය   කරල   තියෙන්නෙ.    ඒ් කියන්නෙ   දැනට   අවුරුදු  8  කටත්   ඉස්සෙල්ලා .   කතාව   හදලා   අවුරුදු   8   කට   පස්සෙ   තමයි   මේක   අපේ   රටේ   පෙන්නන්නෙ.    ඒ   අතර  තුර  කාලය   අැතුලත   ඔ්ස්ට්රේලියාව  ,  කැනඩාව  ,  චීනය  ,  ඊජිප්තුව  ,  හොංකොං  , ඉන්දියාව ,  ඉරානය  ,  ඊස්රායලය  ,  ජපානය  ,  මැලේසියාව  ,  මෙක්සිකෝව  ,  නවසීලන්තය  ,  රුසියාව  ,  සවුදි  අරාබිය   ,  සිංගප්පූරුව  , ස්පාඥ්ඤය  ,  අැමරිකා  ඒක්සත්  ජනපදය  ,  තුර්කිය  වගේ   රටවල්  වල   කොටින්ම  කියනවා  නම්  

අැමරිකාව , යුරෝපය , අප්රිකාව , ඔ්ස්ට්රේලියාව , අාසියාව  

කියන  මුලු   මහද්වීප  5 හේම  මේ  කතාව  ප්රදර්ශනය  කරල   තියෙනවා.      



 Jang  Geum
                            ලෝකයේ  ප්රේක්ශකයින්  අතර  මේ   කතාව  පුදුමාකාර  විදිහට   ජනප්රිය  වෙලා  තියෙනවා.  ඒ්  වගේම  මේ  කතාවෙ   ප්රධාන  චරිතය  වන  චංගුමී(changumi)  ගෙ  චරිතයට  ප්රේක්ෂකයො  බෙහෙවින්ම  අාදරය  කරනවා.   මේ   චරිතයට   පෙනී   සිටින්නෙ   දකුණු   කොරියානු   සුරූපී   නිලි   Lee   Young   ae   ය.   අැගේ   සොදුරු   අවිහිංසක   රුවට   මෙන්ම  දක්ෂ   රංගන   හැකියාවට   ප්රේක්ෂකයින්   බෙහෙවින්  අාදරය  කරන  තත්වයකට  පත්වෙලා  තියෙනවා.  අද  වන  විට  41  වැනි  වියේ  පසු  වන  අැය  නිවුන්  දරුවන්  දෙදෙනෙකුගේ  මවක්.


                             චංගුමී ගේ  චරිතය  කෙතරම්  ජනප්රිය  වුනාද  කියනවානම්  අැගේ   රුව   පිලිබද   උන්මාදයක්   ලොවපුරා  කාන්තාවන්  අතර  පැතිරුනු  බව  පැවසෙනවා. දකුණු   කොරියානු  ප්ලාස්ටික්  සැත්කම්  විශේෂඥ  Joo  Known  මහතා  පවස්න්නේ   2000  දශකය   මැද  භාගයේදී   ඔහු  හමුවට   චීන   කාන්තාවන්   රුසක්  පැමිණ   තිබිනි.   විශ්මයට  කරුණ   නම්   චීනයේ   මෙතරම්  ප්ලාස්ටික්  සැත්කම්  විශේෂඥවරු   සිටියදී   සහ  තමන්   විසින්   විදෙස්   රටවල   ප්රචාරණයක්   සිදු  නොකරම   මොවුන්   පැමින  තිබීමයි.    මෙසේ  පැමිණි   චීන   කාන්තාවන්   බහුතරයකටම   අවශ්‍යවී  තිබුනේ   චංගුමී  ගේ ( Lee  Young ae )  රුවට  සමාන   ලෙස   තම  රුව  සකස්  කිරීම  බව   පැවසෙනවා.



 


                         මෙම  කතාව  වැඩිමහලු  අය  අතර  වගේම  ලොව  පුරා  කුඩා  දරැවන්  අතරද  අතිශය  ජනප්රිය  වෙලා  තියෙනවා.  ඒ්  නිසාම  ළමා  ප්රෝක්ෂකයින්  වෙනුවෙන්  සුජාත  දියනී  කතාවෙ  කාටූන්  කතා  පෙලකුත් (Animated  series) නිර්මාණය  වෙලා  තියෙනවා. Dae  Jang  Geum's dream  කියලා. 




                             මේ  කතාවෙ   තේමා  ගීතයත්   ජනප්රිය   සංගීතඥයෙකු    තමයි   නිර්මාණය  කරල   තියෙන්නෙ. මෙම   කතාව   දකුණු   කොරියානු  ජනතාවට  තමන්ගෙ  සංස්කෘතිය   ගැන  විශේෂ   අවධානයක්  ලබා  දෙන්න   පවා   හැකි  වෙලා   තියෙනවා.    ඒ් වගේම  දකුණු   කොරියාවේ   සංචාරක   කර්මාන්තය   ඉහල   යන්නත්   සුජාත  දියනී   හේතුවක්  වෙලා   තියෙනවා.   සුජාත  දියනී    Dae Jang Geum Theme  Park  ඒකක්  ඒනම්  සංචාරකයින්ට  උද්‍යානයක්ද   ණිර්මාණය  කරල   තියෙනවා.   මේ  උද්‍යානය   හදලා   තියෙන්නේ   සුජාත  දියනී  නාට්‍යය  රූපගත  කරපු   පරිශ්රයමයි.   ඒ්   කියන්නේ   සුජාත  දියනී   කතාවෙ  තියෙන   රජ  මාලිගය   දැන්  ජනතාවට   විවෘත  කරලයි  තියෙන්නෙ.




                            තවත්   සුබ   අාරංචියක්  තියෙනවා .   ලෝකෙ  පුරා  වගේම  අපේ   රටෙත්   අතිශය  ජනප්රිය  වුනු  සුජාත  දියනී  කතාවෙ   2  වෙනි  කොටස   2013   අවුරුද්දෙ  නිෂ්පාදනය  කරන්න  බලාපොරොත්තු  වන  බව  නිෂ්පාදක  කණ්ඩායමක්  විසින්  නිවේදනය  කරල  තියෙනවා.


සුජාත දියණි ගැන දැනගන්න  මෙම Link ඒකට  පිවිසෙන්න.
Watch Also http://sujathadiyani.webs.com/dae%20jang%20geum.swf


Sujatha Diyanee

About Sujatha Diyani
Sujatha Diyani
Sujatha Diyani
Drama Sujatha Diyani
Sujatha Diyani TV Series
SLRC Sujatha Diyani
Comment on Sujatha Diyani
Sujatha Diyani Web Site
See Also  Sujatha Diyani

No comments:

Post a Comment