Saturday, September 1, 2012

කවුද බෝයි - LUCKY LUKE - COW THE BOY

                               සිරස ටීවී ඒකේ ගිය තාමත් යන කවුද බෝයි කාටූන් සීරීස් ඒක ඔයාලට මතක අැති. පුංචි කාලෙ බැලුවට පස්සෙ තාමත් මට නම් මගෙ ප්රියතම කාටුන් වලින් ඒකක් තමයි කවුද බෝයි කියන්ෙන්. මේ කවුද බෝයි කතාවෙ කියවෙන්නේ ඉස්සර කාලෙ හිටිය කව් බෝයි කෙනෙක් ගැන. ඒයාට සුදු පාට අස්වයෙකුයි මෝඩම මෝඩ බල්ලෙකුත් ඉන්නවා ඔයාලට මතක අැතිනෙ. ඔය ගොල්ලො දන්නවද මේ කවුද බෝයි කතාවෙ ඔරිජිනල් කතාව මොකක්ද ඒක පටන් ගත්තෙ කවුද කියල. අද අපි කතා කරන්නෙ ඒ ගැන.

                                මේ කතාවෙ ඔරිජිනල් සීරීස් ඒකේ නම තමයි " Lucky Luke " ටිකක් අමුතුයි නේද. 1946 දෙසැම්බර් 07 ප්රංශෙ දි තමයි මේක මුලින්ම ඒලි දක්වල තියෙන්නෙ. අැත්තටම මුල් කාලෙ "   Lucky Luke " කියල චිත්ර කතාවක් තමයි තිබිල තියෙන්නෙ Tin-Tin , Asterix (සූර පප්පා ) වල චිත්ර කතා වලට පස්සෙ ලෝකෙ වැඩිපුරම ජනප්රිය වෙච්ච ලෝකෙ වැඩිපුරම අලෙවි වෙච්ච චිත්ර කතාව තමයි Lucky Luke කියල කියන්නෙ. ප්රංශ ජාතික මොරිස් කියන කාටුන් ශිල්පියා තමයි මේක නිර්මානය කරල තියෙන්නෙ. ඒ වගේම හොදට මතක් කලොත් ඔයාලට මතක් වෙයි අපි මුලින්ම බලපු කව්ද බෝයි කාටුන් ඒක නෙවේ දැන් යන්නෙ. ඉස්සර කවුද බෝයි කාටුන් ඒකේ කවුද බෝයි ට නරක පුරැද්දක් තිබුන. කවුද බෝයි ගෙ කටෙ හැම තිස්සෙම දුම්වැටියක් තිබුන. මුල් කාලෙ කවුද බෝයි කාටුන් ඒකෙ පෙන්නුවෙ අනූ ගනන් වල Lucky Luke කාටුන් ඒකක්. දැන් සිරසෙ පෙන්නන්නෙ 2001 Release කරපු අලුත් කවුද බෝයි සීරීස් ඒකක්. කොහොම උනත් දුම් පානය නරක පුරැද්දක් නෙ.

                                 ඒ වගේම කවුද බෝයි ඒකේ ජනප්රියම කට්ටියක් තමයි අයියල කණ්ඩායම. මේ අයියල කණ්ඩායමෙ අැත්ත නම තමයි Daltons. ජුන්ඩයියගෙ නම තමයි Joe Dalton. කවුද බෝයි ඒකේ ලංකාවෙ ජනප්රියම වුන දේ තමයි ඒකෙ තේමා ගීතය. ඒ හින්දම අපි අපෙ පෝස්ට් ඒකෙත් කවුද බෝයි සිංදුව දාන්න තීරනය කලා..

1 comment: