Monday, September 24, 2012

වෘත්තීය මාර්ගෝපදේශක වැඩමුලුව 2012. Career Guidance Workshop 2012 - 93 Group Ananda College.



                                                        අධිරාජ්‍යය වාදීන් ගේ යටත් විජිත සමයෝ නානා විධ වූ කෙනෙහිලිකම් වලට ලක්වූ සිංහල ජාතිය හා බෞද්ධ අාගම රැක ගැනීමෙහිලා සහ සිංහල බෞද්ධයන් පෞර්ෂත්වයෙන් , දැනුමෙන් හා කුසලතාවයෙන් ඉදිරියට ගෙන යාම උදෙසා අැරැඹි අානන්දය ජාතියේ නැගී සිටීම සහ ඉදිරි ගමන කෙරෙහි ජාතික නායකයින් දස දහස් ගණනින් බිහි කොට රටෙහි ඒකීයත්වය වෙනුවෙන් උරදුන් අභිමානවත් ඉතිහාසයෙහි 125 වන සංවත්සරය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. ඒකී ප්රෞඩ ඉතිහාසයේ යුග මෙහෙවර ඉදිරියට ගෙන යනු වස් අානන්ද විද්‍යාලීය අාදි ශිෂ්‍ය සංගමය මගින් විවිධ වූ ව්‍යාපෘතීන් අනද පුතනුවන් වෙනුවෙන් සහ සිංහල , දෙමළ , මුස්ලිම් , බර්ගර් අාදී වූ මුලු මහත් ජාතියෙහිම දූ පුතුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබයි. ඒවන් වූ යුග මෙහෙයක යෙදී සිටින්නා වූ විද්‍යාලීය අාදි ශිෂ්‍ය සංගමයේ සාඩම්බරකාර පුරුකක් වූ අාදි අනන්දීය 93 කණ්ඩායම මගින් සිව් වෙනි වරටත් සංවිධානය කරනු ලැබූ " වෘත්තීය මාර්ගෝපදේශක වැඩමුලුව 2012 " පසුගිය දා (සැප් 22) කොළඹ අානන්දීය විද්‍යාලීය කුලරත්න ශාලාවේ දී පැවැත්විනි. රටෙහි කීර්තිදර අාදි අානන්දීය විශිෂ්ඨයින්ගේ සහ වෘත්තීය මාර්ගෝපදේශක විද්වතුන් රැසක ගේ දේශන මාලාවන් පෙලකට සවන් දීමට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යෘවන් හට අවස්ථාව උදාවිය.


Kingsly Rathnayake.
Ajith . P. Perera
Dushyantha Mahabaduge
 

                                                            
                                                        







                                          මෙම වාර්ෂික වැඩමුලුව සෑම වසරකම අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සහ ඉදිරියේදී පෙනී සිටීමට නියිමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කොට ගෙන පැවැත්වෙන්නා වූ සම්මන්ත්රන මාලාවකි. අ.පො.ස උසස් පෙළෙන් පසු දැයේ දූ දරැවන්ටයොමු වීමට අැති විවිධ වෘත්තීමය ක්ෂේත්ර තුළ තම ජීවිතය සාරථක කර ගන්නා අාකාරය සහ රට ඉදිරියට ගෙන යාම සදහා තරුණ මානවසම්පත හා ශ්රම සම්පත යොමු කරවීමේ වැදගත්කම පිළබද දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ වේ.
Kulrathna Hall

 මෙවර සම්මන්ත්රණ වැඩමුලු මාලාව සදහා දිවයින පුරා විවිධ පාසල් වලික් බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් සහභාගී වීම තුළින්ම සම්මන්ත්රණ මාලාව කෙටිකලක් තුළ අත්කරගෙන අැති සාර්ථකත්වය හා ජනප්රියත්වය මනාව පිළිබිඹු වේ.උදෑසන 7.30 සිට සවස 4.30 පමණ වන තෙක් පැවති මෙම මාර්ගේපදේශක වැඩමුලුව සදහා සහභාගී වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා උදෑසන සහ දිවා අාහාර වේල් ද කරුණු සටහන් කරගැනීම සදහා ලිපි ගොනුවක්ද නොමිලේ ලබා දීමට සංවිධායක මඩුල්ල මෙහිදී කටයුතු සලසා තිබිණි. සහභාගී වූවන් ගේ අති බහුතරය වැඩමුලුව අවසන් වන තෙක්ම රැදී සිටීමෙන් වැඩමුලුවේ හරවත් බව හා නව්‍ය  බව මනාව පිලිබිඹු වේ.
                                                        අානන්ද විද්‍යාලීය විදුහල්පති ඒල්.ඒම්.ඩී ධර්මසේන මහතාගේ ප්රධානත්වයෙන් වැඩමුලුව අාරම්භ වූ අතර වැඩමුලු වේ පලමු දේශනය ලෙස අාදි අානන්දීය ගුවන් හමුදා වින්ග් කමාන්ඩර් කීර්ති කනහරඅාරච්චි මහතාගේ දේශනය සිසු සිසුවියන්ගේ අාකල්ප ධනාත්මක වෙනසකින් ප්රබෝධමත් කළ බව ඒම දේශනයට ලැබුනු ප්රතිචාර මගින්ම දර්ශනය විය. මෙහිදී වැඩමුලුවේ ප්රධානදේශනය ලෙස සැලකිය හැකි කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කලමනාකරණය පිළිබද ජේෂ්ඨ කථිකාචාර්ය ජේෂ්ඨ අාදි අානන්දීයමහාචාර්ය ඒම්.සමන් දසනායක මහතා විසින් පවත්වන ලද දේශනය වැදගත් අවදානයක් ගත් අතර ඒහිදී මූලික වශයෙන් විශ්ව විද්‍යාල වල සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අැති වැදගත්කම , විශ්ව විද්‍යාල උපාධිදාරියෙකු තම වෘත්තීමය ජීවිතය හැඩගස්වා ගතයුතු අාකාරය , විශ්ව විද්‍යාල වරම් අහිමි වන සිසුවෙකු වෘත්තීමය අංශයෙන්ඉදිරියට පැමිණිය යුතු අාකාරය යන මාතෘකා 3 යටතේ දේශනය පැවැත්වීය. මෙහිදී දේශනය විවිධ වූ සංගීත
අංග මගින් ගීතවත් වූ අතර ගීතයන්ගේ ගීතමය රසාස්වාදය පිලිබදවද මෙහිදී මහාචාර්ය වරයා සිසුන්ව දැනුවත් කරන ලදි.
                                                      සම්මන්ත්රණයෙහි දේශන සදහා විවිධ ක්ෂේත්ර නියෝජනය කරමින් අාදි අානන්දීයන් සහභාගී වූ අතර අාදි අානන්දීය ප්රවීන දේශක දුෂ්‍යන්ත මහබදුගේ මහතාද අාදි අානන්දීය නීතීඥ අජිත්.පී.පෙරේරා මහතාද සහභාගී වූ අතර වැඩමුලුවෙහි අවසාන
දේශනය වශයෙන් වෘත්තීය ලෙස ජනමාධ්‍යය ක්ෂේත්රය තෝරා ගැනීමේ වැදගත්කම පිලිබද අාදි අානන්දීය ප්රවීන මාධ්‍යයවේදී කිංස්ලි රත්නායක මහතා විසින්ද දේශනයක් පවත්වන ලදි.
                                                      වැඩමුලුව අවසානයේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට සහභාගීවීම නිමිත්තෙන් විශේෂ සහතික පත්රයක්දපිරිනමන ලදි . වැඩමුලුවට සම්බන්ධ වූ සියලුම දේශකයන්ට සමරු පලක ප්රදානයක්ද මෙහමිදී සිදුව්ය. මෙම වැඩමුලුවේ ප්රධාන මූල්‍යමය අනුග්රාහකත්වය ලෙස A.P.I.I.T. සමාගම දායකත්වය ලබා දී අැති අතර අාදි අානන්දීය 93 කණ්ඩායම මෙම වැඩමුලුව මුලුමනින්ම සංවිධානය කර අැත. 500 කට අධික සිසුන් සහ ගුරු මහත්ම මහත්මීන් පිරිසක් අාරාධිත පාසල් වලින් මෙම වැඩමුලුව සදහා සහභාගී වූ අතර වැ‍ඩමුලුවේ සාර්ථකත්වය සහ මනා සංවිධානය පිලිබද සහභාගි වූ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ සහ ගුරු වරුන්ගේ පැසසුමට භාජනය විය. වසර 125 ක්
පුරාවට රට දැය වෙනුවෙන් කවදත් තම දායකත්වය උපරිමයෙන් ලබා දෙන අානන්දයේ මෙවැනි ක්රියාදාමයන් තව තවත්  ඉදිරියට සිදු කිරීම සදහා අනද පුතනුවන් හට මුලු මහතු ජාතියේම අාශිර්වාදය ලැබේවායි ප්රාර්ථනා කරමු.







                                                     








No comments:

Post a Comment