අපි සාපේක්‍ෂතාවාදීහු වෙමු. අපේ සාපේක්‍ෂතාවාදය ගොඩනැඟීමට ක්‌වොන්ටම් භෞතික විද්‍යාව මුල දී ඉවහල් වූ බව සැබෑ ය. එහෙත් ක්‌වොන්ටම් භෞතික විද්‍යාව නැති ව වුව ද සාපේක්‍ෂතාවාදී දර්ශනයක් ගොඩනැඟිය හැකි ය. එය එසේ නො වී නම් පමණක් එය පුදුමයට කරුණක් වීමට තිබිණි. ක්‌වොන්ටම් භෞතික විද්‍යාව නොමැති ව සාපේක්‍ෂතාවාදී දර්ශනයක් ගොඩනැඟීමට නො හැකි නම් හා යම් අයුරකින් මේ වන විට ද ක්‌වොන්ටම් භෞතික විද්‍යාව බිහි නො වී තිබිණි නම් සාපේක්‍ෂතාවාදී දර්ශනයක් මෙකල ගොඩනැඟීමට නො හැකි වීමට තිබිණි. එහෙත් ඒ එසේ වන්නේ නො වේ.
ක්‌වොන්ටම් භෞතික විද්‍යාවේ දී කෝපන්හේගන් විවරණය මගින් නිරීක්‍ෂකයා ගේ කාර්යභාරය වැරැදියට තේරුම් ගනු ලැබ ඇති බව පැහැදිලි ය. යම් නිරීක්‍ෂකයකු, එනම් විඤ්ඤාණයක් සහිත නිරීක්‍ෂකයකු නොමැති ව අප යම් ගුණයක අගය මැනගෙන ඇති විට ඒ ගුණයෙහි ප්‍රතිබද්ධයෙහි (කලින් ද කියා ඇති පරිදි උදාහරණයක් ලෙස පිහිටුම යන ගුණයේ ප්‍රතිබද්ධය ගම්‍යතාව වෙයි) අගය ගැන කිසිවක් කීමට නො හැකි ය යන්න ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි එන අනිශ්චය මූලධර්මයෙන් කියෑවෙයි. කෝපන්හේගන් විවරණය ඇරඹෙන්නේ මෙය පදනම් කරගනිමිනි. ඊනියා යථාර්ථාවදීහු ද තම විරෝධතා පටන් ගන්නේ ද අනිශ්චය මූලධර්මයෙනි. ඔවුහු ඒ ප්‍රතික්‍ෂේප කරති. ක්‌වොන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ගත් කල විද්‍යාලංකාරයේ අපි අනිශ්චය මූලධර්මයට පිටු නො පාමු. එහෙත් කෝපන්හේගන් විවරණය පසුපස නො යමු.
අනිශ්චය මූලධර්මය පදනම් කරගන්නා කෝපන්හේගන් විවරණයෙන් ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කෙරෙයි. කලින් සඳහන් කළ ආකාරයට අනිශ්චය මූලධර්මයට අනුව ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ගැන කිසිවක් කීමට නො හැකි ය. කෝපන්හේගන් විවරණයට අනුව එයින් කියෑවෙන්නේ ප්‍රතිබද්ධ ගුණයට කිසි ම අගයක් නැති බවත් ඒ නිසා එවැනි අගයක් දැනගත නො හැකි බවත් ය. අගයක් නැත්නම් එලෙස අගයක් දැනගැනීමට නො හැකි බැවින් එහි ගැටලුවක් නැත. එහෙත් කිසි ම අගයක් නැතැයි කීම උපකල්පනයට වැඩි දෙයක් නො වේ. අයින්ස්‌ටයින් විද්වතා ඇතුළු ඊනියා යථාර්ථවාදීන්ට අනුව ප්‍රතිබද්ධ ගුණයට යම් නිශ්චිත අගයක් තිබිය යුතු ය. එහෙත් ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙන් ඒ අගය ගැන කිසිවක් නො කියෑවෙන බැවින් ඔවුන්ට අනුව එපමණට ක්‌වොන්ටම් භෞතික විද්‍යාව දැනුම් පද්ධතියක් ලෙස අසම්පූර්ණ ය.
පසුගිය ලිපියේ සඳහන් කෙරුණු ඊපීආර් විසංවාදයෙන් කෙරෙනුයේ එලෙස අගයක් ඇති බවත් එය දැනගත හැකි බවත් එහෙත් ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙන් එයට පටහැනි ව අනිශ්චය මූලධර්මයක් ඉදිරිපත් කෙරෙන බවත් පෙන්වීමත් ය. බෝර් විද්වතා තමාට සුපුරුදු ආකාරයට අංශු දෙක ම සමස්‌ත පද්ධතියක් ලෙස සැලකීමෙන් ඒ විසංවාදය සමනය කළේ ය. ඊනියා යථාර්ථවාදීන් ස්‌ථානීය යථාර්ථයක් ගැන කී දේ එමගින් ප්‍රතික්‍ෂේප වූයේ ස්‌ථානීය යථාර්ථයක් පිළිබඳ ප්‍රශ්නය දර්ශනයෙන් බටහිර භෞතික විද්‍යාවට අත්පත් කරගනිමිනි. එහෙත් මෙරට භෞතික විද්‍යාඥයන් හෝ ඊනියා දාර්ශනිකයන් යෑයි තම තමන් හඳුන්වාගන්නන් හෝ මේ බව නො දන්නා බව ඔවුන් කියන කරන දෙයින් පැහැදිලි වෙයි. මෙරට ඊනියා යථාර්ථවාදීහු බොහෝ විට බටහිර භෞතික විද්‍යාව නො දනිතත් ඒ විද්‍යාවට ඇලුම් කරති. එය අගය කරති. එහෙත් ඔවුන් නො දන්නා කරුණ නම් 1982 දී ඇස්‌පෙ නම් ප්‍රංශ භෞතික විද්‍යාඥයා විසින් කරන ලද පරීක්‍ෂණයෙන් ඊනියා ස්‌ථානීය යථාර්ථවාදයට මරණීය පහරක් එල්ල වූ බව ය. ඒ මළකඳ නැගිටුවීම මෙරට ඊනියා යථාර්ථවාදීන්ට නම් කෙසේ වත් කළ නො හැකි කාර්යයකි. ඔවුන්ට කළ හැක්‌කේ මළකඳ කරගසාගෙන යැම පමණකි.
බටහිර යථාර්ථාවාදී භෞතිත විද්‍යාඥයන් අනිශ්චය මූලධර්මයට හා ක්‌වොන්ටම් භෞතික විද්‍යාවට එල්ල කළ අභියෝග ඇස්‌පෙ පරීක්‍ෂණයෙන් පසු වැළලී ගියත් කෝපන්හේගන් විවරණයට තවත් ප්‍රශ්න ඇත. ඉහත සඳහන් ආකාරයට කෝපන්හේගන් විවරණයට අනුව ප්‍රතිබද්ධ ගුණයට මැනීමට පෙර කිසිදු අගයක් නැත. එහෙත් ඒ ගුණයේ අගය මැනීමෙන් පසුව ඒ ගුණයට නිශ්චිත අගයක් හිමි වෙයි. දැන් ඒ අගය මැනීමට, ඒ සඳහා උපකරණ සකස් කිරීමට නිරීක්‍ෂකයකු සිටිය යුතු ය. ප්‍රතිබද්ධ ගුණයට ඒ අගය ලබා දෙන්නේ නිරීක්‍ෂකයා විසින් ය යන්න කෝපන්හේගන් විවරණයෙන් අපට ඉදිරිපත් කෙරෙන දෙවැනි කරුණ ය.
අප කලින් සඳහන් කර ඇති ආකාරයට මේ නිරීක්‍ෂකයා පිළිබඳ කතාවෙන් හා ඇස්‌පෙ පරීක්‍ෂණයෙන් යථාර්ථයක් නැතැයි කීමට අපට ද සාධක ලැබිණි. මගේ ලෝකය පළමු මුද්‍රණය නිකුත් වූයේ ඇස්‌පෙ පරීක්‍ෂණයෙන් අවුරුදු හතරකට පමණ පසුව ය. (මගේ ලෝකයෙහි ඇස්‌පෙ යන්න සඳහන් වනුයේ ඇස්‌පෙක්‌ට් ලෙස ය. ඒ වරදකි. එයට හේතුව ඇස්‌පෙ යන්න ඉංගිරිසි අකුරෙන් Aspect ලෙස ලිවීම ය). එහෙත් ප්‍රශ්නය වනුයේ ප්‍රතිබද්ධ ගුණයට එලෙස අගයක් දෙන්නේ පරීක්‍ෂණය සැලසුම් කරන නිරීක්‍ෂකයා ද යන්න ය. නිරීක්‍ෂකයන් නැත්නම් භෞතික පද්ධතිවල ගුණ දැනගැනීමට, එහි අගය මැනීමට නො හැකි බව පැහැදිලි ය. එහෙත් ඒ පරීක්‍ෂණය වෙනත් ආකාරයකින් සිදු වුව හොත් ඒ අගය පද්ධතියට නැත් ද යන ප්‍රශ්නය ඇසීමට සිදු වෙයි.
අයින්ස්‌ටයින් විද්වතා ද මෙවැනි ප්‍රශ්නයක් බොහෝ කලකට පෙර අසා ඇත. ඔහු ගේ ප්‍රශ්නය වී ඇත්තේ නිරීක්‍ෂකයකු හඳ නො බලන විට, හඳ නිරීක්‍ෂණය නො කරන විට, හඳ නැත් ද යන්න ය. මේ ප්‍රශ්නයට කෝපන්හේගන් විවරණයේ පුරෝගාමීන් දුන් පිළිතුරක් ගැන කිව නො හැකි ය. එහෙත් මෙය වැදගත් ප්‍රශ්නයකි. නිරීක්‍ෂකයකු ඇතත් නැතත් හඳ පවතින්නේ ද යන ලෙස ද මේ ප්‍රශ්නය ඇසිය හැකි ය.
කලින් සඳහන් කරන ලද පරිදි කෝපන්හේගන් විවරණය ඉදිරිපත් කළ අය ඉන්ද්‍රියානුභූතවාදීහු වූ හ. ඔස්‌ටි්‍රයානු ජාතිකයකු වූ අර්නස්‌ට් මාක් විද්වතා ආදීන් ගේ පූරෝගාමිත්වයෙන් බිහි වූ බටහිර ඉන්ද්‍රියානුභූතවාදය පෙරදිග දර්ශනවලින් ද ආභාසය ලබා ඇත. එහෙත් බටහිර බුද්ධිමතුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නම් පෙරදිගින් ලබාගන්නා දේ ඔවුන් ගේ සංස්‌කෘතියට ඇතුළු කර ගැනීමේ දී සිදු වන විකෘතීන් ය. ඉන්ද්‍රියගෝචර නො වන සංකල්ප දෙස බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ බුද්ධිමතුන් බැලුයේ එතරම් සුහද සිතකින් නො වේ.
බටහිර ඇතැම් බුද්ධිමතුන්ට නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය ද ප්‍රශ්නයක් වූයේ ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර නො වීම නිසා ය. බටහිර භෞතික විද්‍යාඥයකු මෙන් ම දාර්ශනිකයකු ද වූ අර්නස්‌ට් මාක් විද්වතා භෞතික විද්‍යාවේ දී පරමාණුව පවා පිළිගැනීම ප්‍රතික්‍ෂේප කෙළේ ය. ඔහු භෞතික විද්‍යාවේ දී ඉන්ද්‍රිය ගෝචර නො වූ අවස්‌ථිති සමුද්දේශ රාමු නො පිළිගත්තේ ය. ඉන්ද්‍රියානුභුතවාදීන් ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට පමණක් පැවැත්මක් ඇතැයි පිළීගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මාක් විද්වතා බටහිර භෞතික විද්‍යාවේ නිරීක්‍ෂණ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් පමණක් විස්‌තර කළ යුතු යෑයි කියා සිටියේ ය. මාක් විද්වතා එමඟින් තරුණ අයින්ස්‌ටයින් කෙරෙහි විශාල බලපෑමක් ඇති කෙළේ ය.
ක්‌වොන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රතිබද්ධ ගුණයේ අගය ඉන්ද්‍රිය ගෝචර නො වීම හේතුවෙන් ඒ ගැන කතා කිරීම ඉන්ද්‍රියානුභූතවාදයේ ආභාසය ලැබූ බෝර් විද්වතා ඇතුළු කෝපන්හේගන් විවරණයේ පුරෝගාමීයෝ ප්‍රතික්‍ෂේප කළ හ.
ඔවුහු එතැනින් ඔබ්බට ගොස් ප්‍රතිබද්ධ ගුණයට අගයක් නැතැයි කී හ. එමෙන් ම ප්‍රතිබද්ධ ගුණයට අගයක් ලැබෙන්නේ නිරීක්‍ෂණය කිරීමෙන් පසුව බැවින් ඉන්ද්‍රියානුභූතවාදීයෝ ඒ අගය ලබා දෙන්නේ සවිඥනික නිරීක්‍ෂකයා ය යන ස්‌ථාවරයට පැමිණිය හ. මෙය ඉන්පසු තවත් වර්ධනය වී සවිඥනික නිරීක්‍ෂකයකු නොමැති ව ප්‍රතිබද්ධ ගුණයට කිසි ම අගයක් අත් කරගත නො හැකි ය යන තත්ත්වයකට පත් විය.
විද්‍යාලංකාර විවරණය කෝපන්හේගන් විවරණයෙන් වෙනස් වන්නේ මේ කරුණු සම්බන්ධයෙනි. අපි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මනින තෙක් යන්න සංශෝධනය කර මනින තෙක් හෝ මැනෙන තෙක් හෝ ලෙස සකස් කර ගන්නෙමු. ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මනින තෙක් හෝ මැනෙන තෙක් හෝ එහි අගය ගැන කිසිවක් කීමට නො හැකි ය යන මතයේ අපිදු සිටිමු. එහෙත් අපි ප්‍රතිබද්ධ ගුණයට එතෙක් කිසි ම අගයක් නැත යන්න ප්‍රතික්‍ෂේප කරමු. අප කියා සිටින්නේ ප්‍රතිබද්ධ ගුණයට අගය දෙකක් හෝ වැඩි ගණනක් හෝ ඇති බව ය. අගය දෙකක් හෝ වැඩි ගණනක් ඇති විට ඒ නිරීක්‍ෂණය කළ නො හැකි යෑයි ද අපි කියා සිටිමු.
උදාහරණයක් වශයෙන් ක්‌වොන්ටම් අංශුවක ගම්‍යතාව (හා ශක්‌තිය) දත් විට එහි පිහිටුමට අගය එකකට වඩා ඇත. එයට අගයක් නොමැති බැවින් නො ව අගය එකකට වඩා ඇති බැවින් අපට එය නිරීක්‍ෂණය කිරීමට නො හැකි ය. අපට නිරීක්‍ෂණය කළ හැක්‌කේ එක් අගයක් පමණක් ගන්න ගුණ වෙයි. ඒ අපේ මනස හා පංෙච්න්ද්‍රිය පිළිබඳ ප්‍රශ්නයකි. ඇතැම් විට ඒ සියලු අගය නිරීක්‍ෂණය කළ හැකි නිරීක්‍ෂකයන් සිටිය හැකි ය. එවැනි නිරීක්‍ෂකයන් කවුදැයි යන්න පිළිබඳව දැනට අපට කළ හැක්‌කේ යම් යම් මත ඉදිරිපත් කිරීම පමණකි.
දැන් ප්‍රශ්නයක් විය හැක්‌කේ ප්‍රතිබද්ධ ගුණයට එසේ එක් අගයකට වඩා ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. එයට ඉතා පැහැදිලි පිළිතුරක් වෙයි. ක්‌වොන්ටම් භෞතික විද්‍යාවෙහි යම් ගුණයක් නිරීක්‍ෂණය කෙරී එහි ප්‍රතිබද්ධ අගය නිරීක්‍ෂණය කෙරී නැති විට අදාළ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්‌ථාව, මැනගෙන ඇති අගයට අයත් හිල්බට් අවකාශය නමින් හැඳින්වෙන දෛශික අවකාශයෙහි අයිගන් දෛශිකය යෑයි කියනු ලැබෙන දෛශිකය මගින් හෝ ඒ ගුණයෙහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගයන්ට අයත් අයිගන් දෛශිකයන් ගේ සංයෝජනයක් මගින් හෝ නිරූපණය කළ හැකි ය. මනිනු ලැබීමෙන් පසුව හෝ මැනෙනු ලැබීමෙන් පසුව හෝ සිදු වන්නේ ඒ දෛශික සංයෝජනය වෙනුවට එක් දෛශිකයක් පමණක් ලැබීමත් අගය රාශියක් වෙනුවට එක් අගයක් පමණක් ලැබීමත් ය.
බටහිර විද්‍යාඥයන්ට නම් එය පිළිගැනීම එතරම් ප්‍රශ්නයක් නො වේ. ඔවුහු ද එය තරංග ශ්‍රිතයේ කඩා වැටීම (Collapse of the wave function) යනුවෙන් නම් කර පිළිගනිති. දෛශික රාශියක එකතුවක් වූ තරංග ශ්‍රීතය වෙනුවට එක් දෛශිකයක ශ්‍රිතයක් බවට පත් වීම එලෙස කඩාවැටීම ලෙස නම් කෙරෙයි. බටහිර විද්‍යාඥයන්ට ඇති ප්‍රශ්නය මනින තෙක් හෝ මැනෙන තෙක් යන්නෙහි මැනෙන තෙක් යන්නෙන් කුමක් අදහස් වන්නේ ද යන්න ය. ඉන්ද්‍රියානුභූතවාදීන්ට නිරීක්‍ෂකයකු නොමැති ව මැනෙන තෙක් යන්න තේරුමක් නැති ප්‍රකාශයකි. මැනීමට නම් සවිඥනික නිරීක්‍ෂකයකු සිටිය යුතු බව ඔවුන් ගේ මතය වෙයි. අනෙක් අතට යථාර්ථවාදීන්ට නිරීක්‍ෂකයා යන්න ම පිළිගත හැක්‌කක් නො වේ. නිරීක්‍ෂකයකු නිරීක්‍ෂණය කළත් නැතත් ක්‌වොන්ටම් අංශූවල ගුණයකට අගයක් ඇති බවත් ඒ අගය කුමක් දැයි කීමට ක්‌වොන්ටම් භෞතික විද්‍යාවට ක්‍රමයක් නැති බවත් ඒ නිසා ක්‌වොන්ටම් භෞතිකය අසම්පූර්ණ බවත් ඊනියා යථාර්ථවාදීහු කියති.
මහාචාර්ය නලින් ද සිල්වා
භෞතික විද්‍යා චින්තන දහරාවේ දැවැන්තයෙකු වන මොහු පවසන්නේ මිනිස් මොළය මෙන්ම විශ්වය ද ක්‍රියාත්මක වන්නේ කිසියම් අප තවමත් සොයා නොගත් එකම සිද්ධාන්තයක් මතයි කියාය.
සාකච්ඡාව සුසන් ක්‍රැග්ලින්ස්කි- සේයාරූ ඔලිවර් කැනරින් විසිනි.
2009 සැප්තැම්බරයේ ඩිස්කවර් සගරාවේ පළ වූ ලිපිය අන්තර්ජාලයේ පළ වූයේ 2009 ඔක්තෝබර් 6 වැනිදාය.
රොජර් පෙන්රෝස් ඔහුටම ආවේණික වූ ඉමහත් ආඩම්බර සුළු ස්වභාවය නොසළකා හැරිය හැකි දෙයකි. භෞතික විද්‍යාව, ගණිතය සහ ජ්‍යාමිතියට ප්‍රමූලික සම්පත් දායක කළ ඔහු භෞතික විද්‍යාවේ සදාකාලික දැවැන්තයින් වන හෝකින්ස් සහ අයින්ස්ටයින් වැන්නවුන්ගේ නාමාවලිය අතරට සිය නාමය සනිටුහන් කළ න්‍යායාචාර්යවරයෙකි. ඔහු, මිය යන තාරුකාවලින් කළු කුහර නිර්මාණය වන බව සාක්ෂාත් කරන්නට සාමාන්‍යකරණය කළ සාපේක්ෂතාවාදයෙන් සාධනයන් ඉදිරිපත් කරන්නට සමත් වූවෙකි. ඔහු "ට්විස්ටර්" සිද්ධාන්තය [twistor theory] ලොවට හඳුන්වා දෙමින් එමගින් කාලය සහ අවකාශය පිළිබඳ ආකෘතිය දෙස නැවුම් ලෙස බැලීමටත් ගුරුත්වාකර්ෂණයේ ස්වභාවය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් අත් කර දීමටත් මග පාදා දුන්නේය.

"පෙන්රෝස් කැට" ලෙසින් හඳුන්වන්නට යෙදුනු ඔහු විසින් සොයාගත් නවතම ජ්‍යාමිතියේ රූපික ආකෘති විශේෂය සුවිශේෂය. ඔහු තවදුරටත් මොළය පිළිබඳ පර්යේෂකයකු ලෙස මොළයේ ක්‍රියාකාරිත්වය හෙවත් විඥානය පහල වන්නේ ක්වොන්ටම් යාන්ත්‍රික ක්‍රියාවලියකින් බැව් සෛද්ධාන්තිකව පෙන්වා දීමෙන් විද්‍යා ලෝකය විමතියෙන් අවුස්සන්නට සමත් විය. එමෙන්ම මේ නැවුම් සංකල්ප ලෝකය වෙත ගෙන එනු පිණිස දැවැන්ත ලෙස පාඨකයන් කියවන්නට පොළඹවන සුළු සහ ඉහළම මට්ටමින් විකිණෙන විද්‍යා ග්‍රන්ථ ගණනාවක් ඔහු විසින් ලියැවුණි.
තවමත් අසූ වියේ පසුවන පෙන්රෝස් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයේ ගෞරවණීය විශ්‍රාමලත් මහාචාර්යවරයෙකු ලෙස පදවි හොබවන අතර ඔහුගේ මුල්ම වෘත්තීය ප්‍රවිෂ්ටය වූ පර්යේෂකයකු ලෙසම සරල ඇවතුම් පැවතුම් ඇතුව ජීවත් වන බැව් සඳහන් කළ යුතුය. ඔහුගේ කුඩා කාර්යාල කාමරය තවත් මහාචාර්යවරු හය දෙනෙකු සමග බෙදා හදා ගනිමින් ඔවුන්ගේ බඩු මුට්ටු ද සමග අවහිරතා මධ්‍යෙය් සිය කටයුතු කළ ද ඔහු සැඳෑ කාලයේ දී දෛනිකව සිය නව හැවිරිදි පුතුන් පාසලෙන් මුදා ගන්නට ද සිය කාලය මිඩංගු කරන්නේ ඉමහත් කාර්යබහුලත්වය තුළය. අධික කුතුහලයකින් ජීවය ලබන ඔහු තවමත් සිය මනස මෙහෙය වන්නේ තමන්ගේ නම ඉතිහාසයේ කුමන ස්ථරයක ස්ථාවර කරගන්නේ දැයි යන විමතියෙන්, විශ්වය කෙසේ ඇරඹුනි ද? කාලය සහ අවකාශය තුළ තවත් ඉහළ මාන තිබේ ද? දැනට මුල් පෙළේ සෛද්ධාන්තික පසුබිමක් අත් කරගත් තන්තු න්‍යායට [string theory] සැබැවින්ම තේරුමක් තියේ ද? වැනි ඉමහත් පරාසයක පැතිරුණු ප්‍රශ්න කෙරෙහි ය.

ජීවිත කාලයම නොයෙක් සංකීර්ණ ගණිතමය ගැටළුවල කාලය ගත කළ හෙයින් පෙන්රෝස් හට සාමාන්‍ය ආධුනික පර්යේෂකයකුට වඩා අතිමහත් පර්යාලෝකනයකින් භෞතික විද්‍ය න්‍යායන් දෙස බැලිය හැකි බැව් අවිවාදිතය. මේ සියල්ලේ පතුල ගවේෂණය කිරීමට පෙර ඔහු පවසන්නේ භෞතික විද්‍යාඥයාගේ කාර්යභාරය වන්නේ සියළු ප්‍රෙහ්ලිකාවන්ගේ මාතෘ වන අතිශය ප්‍රමූලික අංශුවල හැසිරීම නිර්ණය කරන්නා වූ නීති රීති සහ අප වැනි විශාල පද්ධති නිර්මාණය කරන එවැනි අංශුවල ඒකාග්‍රතාවයේ නීති රීති අතර ඇති සම්බන්ධතාවය සොයා යෑමේ ගැටළුව සමග පොර බැදිය යුතු බවයි.
ඩිස්කවර් සඟරාවේ සංස්කාරකවරයෙකු වන සුසන් ක්‍රැග්ලින්ක්සි සමග පෙන්රෝස් කරනු ලබන මේ සාකච්ඡාවේ දී හෙතෙම නූතන භෞතික විද්‍යාවේ කේන්ද්‍රීය ප්‍රඥප්ති එනම් වළලු සිද්ධාන්තය සහ ක්වොන්ටම් යාන්ත්‍රිකය ප්‍රශ්න කෙරෙන විවාදාත්මක කාරණා පිළිබඳව නොපැකිලව පිළිතුරු සපයයි. අප ජීවත් වන යථාර්ථය තුළ අතිශය ගැඹුරු ස්ථර කරා ගමන් කිරීමට වර්තමානයේ පවතින බාගෙට තැම්බුනු සිද්ධාන්ත කොතරම් දුරට තව වර්ධනය විය යුත්තේ දැයි වටහා ගන්නට දක්වන උනන්දුව මැනිය හැක්කේ හුදෙක් අතීතයේ එම දැනුමේ සංවර්ධනය පිළිබඳ ඇති පෙන්රෝස්ගේ අවබෝධය වත්මන් භෞතික විද්‍යාඥයන් කිසි දිනෙක සම්පූර්ණයෙන්ම අවබෝධ කර නොගන්නා විශ්වයේ ගම්භීර සිද්ධාන්ත කෙරෙහි ඔහුගේ දැනුමට එදිරිවය.
ඔබ ගොඩනැගෙන්නේ කීර්තිමත් අධිෂ්ඨානපූර්වක පවුල් පසුබිමකින් යැයි කීවොත් එය ඔබ පිළිගන්නව ද?
මගේ වැඩිමල් සොහොයුරා රාජකීය විද්‍යා සමාජයේ අධි-සාමාජිකත්වය දරන අග්‍රගණ්‍ය සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්. මගේ බාල සොහොයුරා බ්‍රිතාන්‍ය චෙස් ශූරතාවය පිට පිට දහ වරක් දිනා වාර්තා තැබූවෙක්. මගේ පියා චාම් ක්‍රිස්තියානි පවුලකින් පැවත ආවෙක්. ඔහුගේ පියා වෘත්තීය කලාකරුවෙක්. බොහෝම සාම්ප්‍රදායික සහ ආගමික නැඹුරුවකින් නිර්මානකරණයේ යෙදුන අයෙක්. අපේ පවුල බොහොම තද නීති මධ්‍යෙය් පැවතුනක්. මම හිතන්නේ නෑ අපට නවකතාවත් කියවන්නවත් නිදහසක් තිබ්බ ද කියල ඒ කාලේ. ඇත්ත වශයෙන්ම ඉරිදා නම් කොහෙත්ම ඉඩක් නෑ. සොහොයුරන් සිව් දෙනෙකු අතර මගේ පියා ඉන් එක් අයෙකු වූ අතර ඔවුන් සියල්ලම දක්ෂ කලාකරුවන් විය. ඔවුන් අතරින් එක් අයෙකු වූ සර් රෝලන්ඩ් කලා ලෝකයේ ඉතා ප්‍රචලිත කලාකරුවකු බවට පත් විය. ඔහු ලන්ඩන්හි අද්‍යතන කලා සංගමයේ ආදිකතෘවරයෙක් ද විය. මගේ පියා මානව ජාන විද්‍යාඥයෙකු ලෙස වැඩිහිටි මවුවරුන් විසින් ඩවුන් සින්ඩ්‍රෝම් ජාන විකෘතියෙන් යුත් දරුවන් වැඩිපුර බිහි කරන බවට සාධනයක් ඉදිරිපත් කරමින් ජාන විද්‍යා දැනුමේ කීර්තිමත් නාමයක් උපයා ගත් අයෙක් වන අතර ඔහු විවිධාකාර වූ විද්‍යාත්මක දෑ පිළිබඳ දැඩි උනන්දුවක් ඇත්තෙක් විය.
කොහොමද ඔබගේ පියා ඔබගේ චින්තනයට බල පෑ ආකාරය?
මගේ පියා ගැන සුවිශේෂ වශයෙන් කිව යුත්තක් වන්නේ ඔහුගේ ජීවිකාව සහ ඔහු විනෝදය පිණිස කළ දේවල් අතර කිසිදු සීමාවක් හෝ බාධාවක් නොපවත්වා ගන්නට සමත් වූ බවයි. ඒකම තමයි මටත් බලපෑවේ. ඔහු තමන්ගේ දරුවන්ට මුණුපුරන්ට ප්රහේලිකා සහ සෙල්ලම් බඩු නිර්මාණය කරල දුන්නා. ඔහු තමන්ගේ නිවස පිටුපස කුඩා මඩුවක තමන්ගේ අත් කියතෙන් විවිධ ලී කොටස් කපමින් කොටමින් මේ දේවල් කළේ. මට මතකයි එක් වරක් ඔහු ස්ලයිඩ් රූලක් [Slide Rule]නිර්මාණය කරා එකිනෙකට වෙනස් "ස්ලයිඩ්" දෙලොසක් පමණ එහා මෙහා චලනය කරමින් විවිධ සංකේත සහ ගණිත ලකුණු යොදා සංකීර්ණ ආකාරයට එම සංකේත හසුරවන්නට හැකි. පසුකාලීනව ඔහු වැඩිමනත් කාලය ගත කළේ ලීවලින් තැනූ මොඩල විශේෂයක් හරහා එම රූප විසින් ම තම රූපය වඩාත් සංකීර්ණ ලෙස තනා ගන්නා ලී හැඩතල විශේෂයක් වෙනුවෙනි. ඒවට දැන් කාලේ නම් කියන්නේ කෘත්‍රිම ජීවිතය කියලයි. මේවා හරිම සරල උපකරණ-ඒවාට ඒවාම සම්බන්ධ කරන්න හරිම පහසුයි- හැම කොටසක්ම ඒවායේම අනෙක් කොටස් සමග හරි පහසුවෙන් සම්බන්ධ වෙනවා. ඔහු ලී මඩුවේ වාඩි වී මේ පැතැලි උපකරණ විශාල ප්‍රමාණයක් ලීයෙන් කපමින් කාලය ගත කළා.
එහෙනම් මම හිතන්නේ ඔබගේ පියා වෙන්නැති පෙන්රෝස් ටයිල් ඒ කියන්නේ හැඩතල නැවත නැවත ප්‍රතිවර්තනය කිරීමෙන් සමමිතික පංචාස්‍රාකාර ඝණ මතුපිටක් සොයා ගැනීම වෙනුවෙන් ඔබව පොළඹවන්නට ඇත්තේ කියා.
ඒක එක අතකින් හරිම තකතිරු වැඩක් තමයි. මට මතකයි මම ඔහුගෙන් අහනවා-එතකොට මට වයස අවුරුදු නවයක් විතර ඇති-සම ෂඩස්‍ර එකට එකතු කර ගෝලයක් තනන්නට හැකිදැයි කියා-එතකොට එයා කීවා "බැහැ එහෙම කරන්න බැහැ, නමුත් ඔබට පුළුවනි පංචාස්‍ර [pentagon]භාවිතයෙන් එවැන්නක් හදන්න".-මෙය මා පුදුමයට පත් කළා. ඔහු මට පෙන්වලා දුන්නා කොහොමද බහුතලයක් [polyhedra] හදන්නේ කියලා-ඊට පස්සේ මම එතනින් පටන් ගත්තා.
"පෙන්රෝස් ටයිල්" වල ලස්සන විතරක් ද, වෙන කිසියම් ප්රයෝජනයක් නැද්ද?
මම මේ "ටයිල්" වලට ආකර්ෂණය වන්නේ, මගේ අදහසක් තියෙනවා විශ්වය පාලනය වන්නේ අතිශය සරල බලවේග මතයි කියන එක-සමහර විට අප ඕනවටත් වඩා සංකීර්ණ දේවල් දැක්ක වුනත්. මේ "ටයිල්" රටා මැවීමේ ක්‍රියාදාමය සංකීර්ණ රටා කරා යාමේ දී සිදුවන සම්මත නීති රීති මතුකර පෙන්වනවා. මේක එක්තරා උත්සාහයක් අපි එදිනෙදා ලෝකයේ දකින වස්තු තුළ, සරල දේවල් තුළින් සංකීර්ණ දේවල් නිර්මාණය වන නීති රීතින් අතර ඇති සරල සම්බන්ධතා අවධාරණය කරගන්නට.
එම් සී එස්කෙර් නම් වූ චිත්‍රශිල්පියා ඔබගේ මේ ජ්‍යාමිතික සොයා ගැනීම් තුළින් ප්‍රහර්ෂය ලද්දෙක්. ඒ පිළිබඳ කතා පුවත කුමක් ද?
මම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබද්දී ඇම්ස්ටර්ඩෑම්වල පැවති ජාත්‍යන්තර ගණිතඥයන්ගේ සමුළුවට සහභාගි වුනා. මට මතකයි, එහි මා දැන සිටි එක්තරා දේශකයෙකු අත මේ කැටලොග් එක තිබ්බා. ඒකේ මුල් පිටුවේ තිබ්බේ එස්කෙර්ගේ "දහවල සහ රාත්‍රිය" නම් වූ සිතුවමයි. එහි කුරුල්ලන් එකිනෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට පියඹා යන අයුරු සිතුවම්ව තිබුණා. දර්ශන පසුතලය එක් පැත්තකින් රාත්‍රී කාලයත් අනෙක් පසින් දිවා කාලයත් දැක්වුණා. මේ දැකුමින් ප්රෝමදයට පත් මා ඔහුගෙන් විමසා සිටියා මේ සිතුවම ඔහු ලද්දේ කොහෙන්දැයි කියා. ඔහු කීවා "හොඳයි ඔබ ආකර්ෂණය වන ආකාරයේ සිතුවම් සහිත ප්‍රදර්ශනයක් තියෙනවා එස්කෙර් නම් වූ චිත්‍ර ශිල්පියෙකුගේ" යැයි. ඉතිං මම ඒක බලන්න ගියා -ඇත්තටම මා කවදාවත් නොසිතා සිටි අතිශය අද්භූතජනක පුදුමාකාර සිතුවම් මට එහිදී දක්නට ලැබුණා. මම හිතා ගත්තා ඒ වගේ ප්‍රායෝගික නොවන ජ්‍යාමිතික සැකසුම් සහිත නිර්මාණ කීපයක් අත්හදා බලන්නට සිතුවම් ඇසුරින්. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රිත්ව-දඩු [Tri-Bar] නමින් දැන් හැඳින්වෙන මේ සැකසුම මා නිර්මානය කළා. ඒක ත්‍රිකෝණාකාර ත්‍රිමාන හැඩයක් මෙන් පෙනී යන දෙයක් නමුත් එය ත්‍රිමාන දෙයක් ලෙස භෞතික ලෝකයේ සකස් කළ නොහැකියි. මම මේක මගේ පියාට පෙන්වූවාම ඔහු තවත් එවැනි ප්‍රායෝගික ත්‍රිමාන ලෝකයේ නිර්මාණය කළ නොහැකි ගොඩනැගිලි සහ ආකෘති ගණනාවක් සිතුවම් කර පෙන්වූවා. ඊට පස්සේ අපි මේ ගැන ලිපියක් සකස් කරල බ්‍රිතාන්‍ය මනෝ විද්‍යා ජර්නලයට යැව්වේ චිත්‍රශිල්පී එස්කෙර්ටත් දැනුම් දීමක් කරලයි.
එස්කෙර් මේ ලිපිය දැකලා ඉන් ඇවිස්සුනා ද?
එයා ලිපියෙන් කාරණා දෙකක් උපුටා ගත්තා. එකක් තමයි ත්‍රිත්ව දඩු- අන්න ඒක එයා පාවිච්චි කළා එයාගේ "දිය ඇල්ල" [Waterfall] නම් වූ ලිතෝග්‍රැෆික සිතුවමට. අනිත් එක තමයි අප්‍රායෝගික තරප්පු පෙළ-ඒක නිර්මාණය කරල සිතුවම් ගත කළේ මගේ පියා විසිනුයි. එස්කෙර් යතිවරුන් පිරිසක් තරප්පු පෙළක අනවරතව ගමන් කරන අයුරු විදහා දැක්වෙන "නැගීම සහ බැසීම" [Ascending and Descending] නම් වූ සිතුවම එය අනුසාරයෙන් නිර්මානය කළා. මට එක් වරක් එස්කෙර් හමු වුන විටෙක මම ඔහුට දුන්නා රටා පුනරාවර්තනය වන ටයිල් කැට ටිකක් ඒවා කැට දොලසක් පමණක් එකිනෙකට සම්බන්ධ වන ආකාරයේ ප්රබේදයක්. ඔහු මේක සාර්ථකව සකස් කරල පසුව ඔහු මට ලිපියක් ලීවා එය කළෙ කෙසේද යන්නත් එය කුමන පදනමකින් කළා ද යන්නත් අසමින්. ඉතිං මම එයාට පෙන්නුවා කුරුල්ලෙකු වැනි හැඩයක් මේ නිර්මාණයට පාදක වූ බවත් ඉන් පසු ඔහු එම හැඩය මගේ මතකයේ හැටියට ඔහුගේ අවසාන නිර්මානය වූ "හොල්මන්"[Ghosts] නම් වූ සිතුවම නිර්මානය කරන්නට උපයෝගී කරගත්තා.
ඔබ කුඩා කල ගණිතයේ අදක්ෂයෙකු බැව් හැබෑ ද?
මම හිතාගන්නත් බැරි තරම් සෙමින් වැඩ කළේ ඒ කාලේ. මම කැනඩාවේ කාලයක් වාසය කළා -අවුරුදු හයක් විතර -ඒ යුද්ද කාලේ. මට වයස අටක් වෙද්දි පංතියේ සරල ගණිත විශය යටතේ මනසින් ගණන් හදන්නට වෙනවා බොහොම ඉක්මණින් එහෙම නැත්නම් මට දැනිච්ච විදියට ගොඩක් වේගයෙන්. මම හැමතිස්සේම අසමත් මේ වැඩේට. මගේ ගුරුවරයත් මා ගැන කිසිම පැහැදීමක් තිබ්බෙ නැති නිසා හැමදාම වගේ පංතියෙන් දොට්ට දැම්මා මාව. එක්තරා සියුම් දැක්මකින් යුත් ගුරුවරයෙක් මගේ මේ අසමර්තකම දැකුමෙන් මට මේ ගණිත කර්ම සිදු කරන්නට වැඩිපුර කාලයක් දෙන්නට තීරණය කළා. මට ඕන තරම් කාලය ගන්නට උපදෙස් ලැබුනා. අපි සේරමලා එකම ගණිත පරීක්ෂණයට මුහුණ දුන්නා. මට විතරක් ඊළඟ කාල පරිච්ඡේදයත් මේ වෙනුවෙන් ගන්නට ඉඩ ලැබුණේ ඇත්ත වශයෙන්ම ඊළඟ කාල පරිච්ඡේදය වෙන් ව තිබුණේ සරඹ සඳහා බැවිනුයි. අනිත් හැමෝම පරීක්ෂණය නිම කරලා සරඹ ක්‍රීඩාවලින් විනෝද වෙද්දි මට සිදු වුණා මේ ගණිත පරීක්ෂණ වෙනුවෙන් මොළය වෙහෙසන්න. එහෙම වෙලත් සමහර දවසට මට සරඹ කාල පරිච්ඡේදයත් ඉක්මවලා ඊළඟ කාල පරිච්ඡේදය උදාවනතුරුත් මේ වැඩේ ඉවරයක් කරගන්න බැරි වෙනව. ඉතිං මම සාමාන්‍ය අනෙක් සිසුවෙකුට වඩා දෙගුණයක් සෙමෙන් කියල මට තේරුණා. එහෙම වුනත් මම හොඳින් වැඩ කළා. ඔබට තේරෙනව නේද මට ඇති පදම් කාලය දුන්නා නම් වඩාත් ඉහළ ලකුණු අරන් සමත් වෙන්න තිබ්බා.
ඔබ කියනවා ක්වොන්ටම් භෞතිකයේ යථා ලෝක හැඟවුම් විකාර සහගත බව. මේ විරුද්ධත්වයේ පදනම කුමක් ද?
පරමාණුවල ස්ථායිතාවයෙන් ඇරඹෙන මින් පෙර කවර කලෙකවත් විග්‍රහ නොවූ හැම දෙයක්ම විග්‍රහ කරන්නට සමත් ක්වොන්ටම් යාන්ත්‍රිකය කියන්නේ විශ්වාස කළ නොහැකි තරම් බලවත් සිද්ධාන්තයක්. නමුත් අපි අයින්ස්ටයින්ගෙන් දැන උගත් කාල අවකාශ සංකල්පය විසිකර දමන්නට සිදු වෙනවා මේ අරුම පුදුම ක්වොන්ටම් යාන්ත්‍රිකය විශ්වාස කරන්න ගත්තම. මෙතන තියෙන පුදුමාකාර විකාර සහගත තත්වය තමයි මේ විශ්වාසයෙන් කිසිම ප්‍රායෝගික තේරුමක් නැති බව. ඔබ මේ නීති පිළිපදින්නට පටන් ගත්තොත් ඔබ එක්තරා තැනකට එනවා සම්පූර්ණයෙන්ම වැරදි සහගත.
ක්වොන්ටම් යාන්ත්‍රිකයේ දී කිසියම් වස්තුවකට එකවර විවිධ අවස්ථා තුළ පවතින්නට පුළුවන් වීම ටිකක් විකාරයි වගේ. ලෝකය පිළිබඳ ක්වොන්ටම් පැහැදිලි කිරීම් සම්පූර්ණයෙන්ම අපගේ අත්දැකීම්වලට පටහැණියි.
ඒක කිසිම තේරුමක් නෑ; සහ සරල හේතුවකුත් තියෙනවා. ඔන්න බලන්න, ක්වොන්ටම් යාන්ත්‍රිකයේ ගණිතයට පැති දෙකක් තියෙනවා. එකක් තමයි ක්වොන්ටම් පද්ධතියේ පරිණාමය. ඒ කියන්නේ ෂ්‍රෝඩිංගර් සමීකරණයෙන් හරියටම අර්ථ දැක්වෙන සහ අතිශය නිවැරදිව ගණනය වන වපසරිය. ඒ සමීකරණයෙන් ඔබට කියනව මෙහෙම. ඔබ දන්නව නම් මේ අවස්ථාවේ කිසියම් පද්ධතියක ඇති අංශුවක තත්වය ඔබට පුළුවනි තව මිනිත්තු දහයකින් එහි තත්වය නිවැරදිව ගණනය කරන්නට. ඒ කොහොම වුනත් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ අනිත් ගණිතමය පැත්ත සළකා බැලූ විට ඔබ යමක් මැන ගැනීමට දරන උත්සාහයේ දී සිදුවන දෙය සළකා බැලිය හැකියි. එක් ප්‍රතිඵලයක් ලබනවා වෙනුවට එවැනි අවස්ථාවක දී ඔබ සමීකරණය භාවිතා කරන්නේ සම්භාවිතා අගයයන් පරාසයක් ලැබෙන පරිදියි. ප්‍රතිඵලය කියන්නේ නැහැ මේ තමයි ලෝකය කරන දේ යනුවෙන් නමුත් එය පවසා සිටින්නේ යම් දෙයක් කරන්නට ඇති හැකියාවන් පිළිබඳ තක්සේරුවක් පමණයි. සමීකරණය විසින් පැහැදිලි කළ යුත්තේ ලෝකය පිළිබඳ සම්පූර්ණ නිර්ණායකයක් සැපයීම වුවත් එය එසේ කරන්නේ නෑ.
එම සමීකරණය නිර්මානය කළ අර්වින් ෂ්‍රෝඩිංගර් ශ්‍රේෂ්ට බුද්ධිමතෙකු ලෙස සැළකෙනවා. ඇත්ත වශයෙන්ම ඔහු මේ සංඝට්ටනය පිළිබඳව දැනුවත්ව සිටියා.
ෂ්‍රෝඩිංගර් මේ පිළිබඳව අවධානයෙන් සිටියා කවුරුත් වගේම. එයා තමන්ගේ උපකල්පිත බළලාගේ කතාවේ දී ඔහු මෙහෙම පවසා තියෙනවා. "අඩු වැඩි වශයෙන් හරි, ඔබ මගේ සමීකරණය නිර්වේෂණය කරන දෑ විශ්වාස කරනවා නම්, ඔබ මේ බළලා එකම වෙලාවක දී ජීවත් වන බවත් මරණයට පත් වන බවත් විශ්වාස කළ යුතුයි". ඔහු කියනවා "ඒක කිසි තේරුමක් නැති දෙයක්. මොකද ඒක එහෙම නොවන දෙයක් නිසා. ඒ නිසා මගේ සමීකරණය බළලුන්ට හරි යන්නේ නෑ.ඒ නිසා වෙන අනිත් හේතුවක් මේ සඳහා යොදා ගත යුතුයි."
ඔබ මේ අරුම පුදුම ක්වොන්ටම් යාන්ත්‍රිකය විශ්වාස කරන්න ගත්තම අයින්ස්ටයින්ගෙන් දැන උගත් කාල අවකාශ සංකල්පය පැත්තකට කර දමන්නට සිදු වෙනවා. ඔබට හමුවෙන්න ගන්නවා යමක් කිසිම නිරවද්‍යභාවයක් නොමැති.
ඒ කියන්නේ ෂ්‍රෝඩිංගර් යථාර්ථයේ ස්වභාවය "බළල් උපන්‍යාසයෙන්" විග්‍රහ වන්නේ යැයි කවරදාකවත් විශ්වාස කළේ නැහැ?
ඔව් එය ඇත්ත. මම හිතනවා එයා මේක පෙන්වලා දුන්නා. ඒ කියන්නේ, බලන්න ක්වොන්ටම් යාන්ත්‍රිකයේ විශාලතම ප්‍රතිරූප ත්‍රිත්වය දෙස-ෂ්‍රෝඩිංගර්-අයින්ස්ටයින් සහ පෝල් ඩයිරැක්. ඒ අය සේරම ක්වොන්ටම් සංශයවාදීන් එක අතකින්. මිනිස්සු වැඩියෙන් ම විශ්මයට පත් වන්නේ ඩයිරැක් ගැන, මොකද එයා තමයි ක්වොන්ටම් යාන්ත්‍රිකයේ මූලික පදනම ව්‍යුහගත කරන්නේ. මිනිස්සු තේරුම් ගන්නවා මේකේ බැරූරුම් බව, නමුත් ඩයිරැක් හුඟක් පරෙස්සම් වෙනවා එයා මෙහෙම කියද්දී. එයාගෙන් ඇහුවම මෙහෙම "මොකද්ද මිනුම් කිරීම සම්බන්ධව ඇති ගැටළුව ගැන ඔබේ අදහස?" එයා ප්‍රතිචාර දක්වන්නේ මෙහෙම; "ක්වොන්ටම් යාන්ත්‍රිකය කියන්නේ අවස්ථානුකූල සිද්ධාන්තයක්. ඇයි මම ක්වොන්ටම් යාන්ත්‍රිකයෙන් පිළිතුරක් බලාපොරොත්තු වන්නේ?" එයා විශ්වාස කළේ නෑ ඒක සත්‍යයි කියලා. නමුත් එයා මේක වැඩිය ප්‍රසිද්ධ කළේ නෑ.
එහෙම වුනත් "බළල් උපන්‍යාසය" හැම තිස්සෙම සාධනය කළේ අපට අමුතු යථාර්ථයක් පිළිගන්නට කරන බලපෑමක් හැටියටයි. ඒ සංකල්පය අද වෙනකොට සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ සංකල්ප දියුණු කරන්නට බලපෑවේ නැද්ද?
ඒක හරි. මිනිස්සුන්ට ෂ්‍රෝඩිංගර් සමීකරණය වෙනස් කරල එහි ප්‍රතිඵල ලෙස ගම්‍යමාන වන බහු ලෝක අර්ථකථනවලට යෑමේ අවශ්‍යතාවයක් තිබ්බේ නෑ.
ඒ පැහැදිලි කිරීම් පවසා සිටින්නේ එම සම්භාවිතා අගයයන් විසින් ජනනය කරන්නේ කොහෙද තියෙන සමාන්තර විශ්ව ගැන නේද?
එහෙම කියැවෙනවා තමයි. එකම මොහොතක ඒ බළලා ජීවත් වන අතරම මියගොස් ඇති බවක් කොහොම හරි කියැවෙනවා තමයි. ඒ බළලා දෙස ඔබ අධිස්ථාපන[superposition] රාමුවකින් බලන්නට වෙනවා ඒ කියන්නේ එකම විට බළලා ජීවත් වෙන සහ මිය ගිය යන ද්විප්‍රකාර තත්වයන් එක මත වැටුණු. ඇත්ත වශයෙන්ම අපට එය අත්දකින්නට බැහැ ඒ කියන්නේ භෞතික විද්‍යාඥයන්ට කියන්න වෙනවා ඔබගේ විඥානය එක පථයක් හෝ අනෙක් පථයක් කරා ගමන් කරන බව ඔබගේ දැනුවත් වීමෙන් තොරව. ඒ කියන්නේ ඔබට යන්නට සිදුවන්නේ සම්පූර්ණයෙන්ම විකාර සහගත දෘෂ්ටිකෝණයකට. ඔබට මේ බහුලෝක කතා තුළට තල්ලු වන්නට සිදුවීම එක්තරා අයුරකින් අප දන්නා කියන ප්‍රත්‍යක්ෂ ලෝකය එක්කල කිසිම සම්බන්ධයක් නෑ.
මේ සමාන්තර විශ්ව හෝ බහුලෝක පිළිබඳ අදහස් මිනිසා කේන්ද්‍ර කරගත් අදහස් ඇත්තටම මේවා වටහා ගන්නට අපගේ පංචේන්ද්‍රියන්ට ගෝචර ප්‍රත්‍යක්ෂ දේවල් තුළින් පර්යාලෝකනය විය යුතුයි.
ප්‍රශ්නය තමයි අපිට මොනවද ඒකෙන් කරන්න පුළුවන්? මොකුත් නෑ. ඔබට අවශ්‍ය වන්නේ කිසියම් භෞතික සිද්ධාන්තයක් අප අවට ලෝකය පැහැදිලි කරන්නට සමත් වන. ඒ වෙනුවෙන් තමයි භෞතික විද්‍යාව කවදත් පෙනී සිටියේ. අප දකින ලෝකය පැහැදිලි කරන්නට සහ අපි දකින්නෙ ඇයි සහ කොහොමද කියන එකට. බහු ලෝක ක්වොන්ටම් යාන්ත්‍රිකය ඒ දේ ඉටු කරන්නේ නෑ. එහෙම නැත්නම් ඔබ එය පිළිගෙන උත්සාහ කරන්න ගත්තොත් ඒකට කිසියම් තේරුමක් ලබා දෙන්නට ගොඩක් අය උත්සාහ කරනවා වගේම නැත්නම් මා වාගේ ඔබ කියයි නෑ ඒක ක්වොන්ටම් යාන්ත්‍රිකය අපට පවසන දේවල් වල සීමාවට වඩා එහයින් තියෙන දෙයක් කියලා. ඒක බොහොම පුදුමාකාර ලෙස අපි නොගන්නා ආස්ථානයක්. මගේම අදහස නම් ක්වොන්ටම් යාන්ත්‍රිකය සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ සහ මම හිතනවා ඒකට හේතු සම්භාරයක් තියෙන බව. ඒ කියන්නේ වර්තමානයේ පවතින සීමා තුළ සිදුකරන පරීක්ෂණ ඔස්සේ ලැබෙන සෘජු සාක්ෂිවලින් නොවෙයි.
සාමාන්‍ය යෙන් සෛද්ධාන්තික භෞතික විද්‍යාව එන්න එන්නම අද්භූතජනක වෙනවා. තන්තු සිද්ධාන්තය ගන්න. එය කතා කරන්නේ මාන එකොළහක් ගැන හෝ අපගේ විශ්වය තියෙන්නේ දැවැන්ත පටලයක් තුළය යන්න විකාරරූපියි.
ඔබ හරියටම හරි. සහ තවත් විදියකින් මම ක්වොන්ටම් යාන්ත්‍රිකයට දොස් පවරනවා. මොකද මිනිස්සු කියනවා "හොඳයි, ක්වොන්ටම් යාන්ත්‍රිකය සහජ ඥානයට ප්‍රතිවිරුද්ධයි. ඔබ ක්වොන්ටම් යාන්ත්‍රිකය විශ්වාස කරනවා නම් ඔබට ඕනෑම සහජ ඥානයට ප්‍රතිවිරුද්ධ දෙයක් පිළිගන්නට සිදුවෙනවා". නමුත් බලන්න, ක්වොන්ටම් යාන්ත්‍රිකයට බොහෝ පර්යේෂණාත්මක සාධක තියෙනවා එහි වලංගුතාවය වෙනුවෙන්. ඒ කියන්නේ ඔබට බොහෝ දුර ඒ සමගින් යා හැකියි කියන එකයි. එහෙම වුනත් තන්තු සිද්ධාන්තය ගැන එයාකාර පර්යේෂණාත්මක පසුබිමක් නෑ.
මට වැටහෙනවා ඔබ ඔබගේ අලුත්ම කෘතියේ ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන මේ තියෙන විචාරය අන්තර්ගත වන බව.
පොතේ නම තමයි-Fashion, Faith and Fantasy in the New Physics of the Universe-"නව භෞතික විද්‍යාවේ විලාසිතාව, භක්තිය සහ ෆැන්ටසිය". මේ හැම වදනකින්ම ගම්‍ය වන්නේ සෛද්ධාන්තික භෞතික විද්‍යා සංකල්පයක්. විලාසිතාව තමයි තන්තු සිද්ධාන්තය. ෆැන්ටසිය කියන්නේ විශ්ව න්‍යාය විද්‍යාව තුළ විවිධත්වය හෝ ප්‍රධාන වශයෙන් පාවෙන විශ්වය පිළිබඳ න්‍යායන් ඒ කියන්නේ මහා පිපුරුම සිදුවී තත්පරයකින් සියල්ල ඝාතීය ලෙස පා වුනා කියන සංකල්පය. දැවැන්ත මාලුවා අන්න ඒ වගේ දේවල්. ඒවට පහර දීම ඇත්තටම සාපරාධී යි. අනිත් එක තමයි වඩාත් ම සාපාරාධී ඒ කියන්නේ ක්වොන්ටම් යාන්ත්‍රිකයේ විවිධ තලවල පැවැත්ම- ඒක තමයි භක්තිය. මිනිස්සු කොහොම හරි දැක්මකට එනවා, තමන්ටම ප්‍රශ්න කළ නොහැකි.
ඔබ මීට වසර කීපයකට පෙර පැවසූවා ගුරුත්වය තමයි සම්ප්‍රදායික ලෝකය සහ ක්වොන්ටම් ලෝකය අතර බෙදුම කියලා. මේ වගේ දෙයක් ගැන පර්යේෂණ කරන්නට ක්වොන්ටම් දැනුම යොදන්නට ඉදිරිපත් වන මිනිස්සු ඉන්නව ද දැං?
නෑ. එනමුත් ඒක ඇත්තටම ඒ ගැන පර්යේෂණයේ යෙදෙන මිනිස්සු දිරිගන්වන්ට පමණක් හේතු වෙයි. ඒක විකාර වැඩක් මිනිස්සු වයසට ගියාම විශ්‍රාම ගියාම වගේ අවධානය යොදන්නට වඩා සුදුසු. ඉතිං දැං මම වයසයි, විශ්‍රාම ගිහින්! ඒත් මේ වගේ දේකට කේන්ද්‍රීයව මූලිකත්වය දෙනවා කියන්නේ හරිම ලැජ්ජා සහගත වැඩක් තමයි.
නිව්ටන්ගෙන් පස්සේ අයින්ස්ටයින්ගෙන් පස්සෙත් මිනිස්සු ලෝකය ගැන හිතුව ආකාරය විතැන් වුනා. ක්වොන්ටම් යාන්ත්‍රිකය පිළිබඳ ගැටළුව විසඳුනොත් තව ඒ වගේ විප්ලවකාරී මතවාදයක් ආයෙම ඇති වෙයිද?
අනාවැකි කියන්න නම් අමාරුයි. අර්නස්ට් රදර්ෆඩ් කීවා එයාගේ පරමාණුක ආකෘතිය (න්‍යෂ්ටික භෞතික විද්‍යාවට සහ පරමාණු බෝම්බය තනන්නට පාදක වුන) කිසිම වැදගැම්මකට ඇති දෙයක් නොවේ කියල. නමුත් ඔව් මම හිතනවා ඒක අති විශාල වෙනසක් ඇති කරන්නට බලපෑවා කියලා. ක්වොන්ටම් යාන්ත්‍රිකය ජීව විද්‍යාවට අදාල කරගන්නේ කෙසේද වැනි දේවල් ගැන කතා වෙනවා. එහෙම වුනොත් සම්පූර්ණයෙන්ම හිතා ගන්නට අසීරු වෙනස් දේවල් කරා මග පෑදෙන්නට ඉඩ තියෙනවා.
ඔබගේ The Emperor’s New Mind පොතේ විඥානය මතු වන්නේ මොළයේ සෛල තුළ සිදුවන ක්වොන්ටම් භෞතික ක්‍රියාකාරකම් නිසාවෙන් යැයි මතයක් සාකච්ඡා කරනවා. දශක දෙකකට පසුව ඔබ දැන් ඒ මතය දරනව ද?
මගේ දැක්මේ හැටියට සබුද්ධික මනස ක්‍රියාත්මක වන්නේ සම්භාවනීය භෞතික විද්‍යාවට අනුව නොවෙයි. ඒ විතරක් නොවෙයි එය හැසිරෙන්නේ සම්මුතිගත ක්වොන්ටම් යාන්ත්‍රිකයට අනුව වත් නොවෙයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ කිසියම් අප මෙතෙක් නොදන්නා සිද්ධාන්තයකට අනුව. මේක ටිකක් දරුණු ඔලුවකට ගැලපෙන ගැටළුවක් නමුත් මම හිතන්නේ ඒක ටිකක් විලියම් හාවේ [William Harvey] ගේ රුධිර සංසරණ පද්ධතියේ සොයා ගැනීමේ කතන්දරයට ආසන්න බවයි. ඔහු කීවේ රුධිරය චක්‍රීයව ගමන් කළ යුතු බවත් නමුත් ධමනි සහ ශිරා කෙළවර එකිනෙක අතුරුදන් වී තිබුණු බැවින් එකිනෙකින් රුධිරය හුවමාරු වන්නේ කෙසේ ද? එයා කීවා "හොඳයි ඉතා සියුම් රුධිර නාලිකා ජාතියක් තිබිය යුතුයි, ඒවා අපට පේන්නේ නෑ, නමුත් එහෙම දෙයක් තිබිය යුතුයි" යනුවෙන්. කිසිවෙක් මේ කතාව කාලයක් යනතුරු විශ්වාස කළේ නෑ. ඉතිං මම තවමත් බලාපොරොත්තු සහගත වෙනවා ඒ වගේ දෙයක් සිදු වෙයි කියලා, ඒ කියන්නේ කිසියම් ව්‍යූහයක් විසින් මේ ගැලපුම කරන්නට සමත් වෙයි කියා, මොකද මම හිතන නිසා එබන්දක් පවතිනවා කියලා.
කවද හරි භෞතික විද්‍යාඥයන් ක්වොන්ටම් යාන්ත්‍රිකයේ න්‍යෂ්ටිය වටහා ගත්විට ඔබට හිතෙන්නේ කොහොම ද ඒ සිද්ධාන්තය ගැන?
මම හිතනවා ඒක හරිම සුන්දර වෙයි කියලා.